උණුසුම් පුවත්
Search
matara boy

මාතරදී දුම්රියට යට වූ තරුණයා ජීවිතයට සමුදෙයි

306

මාතර දුම්රිය ස්ථානයේ දී බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබු සාගරිකා දුම්රියට ගොඩවන අවස්ථාවේ දී ඉන් බීමට ඇද වැටී කෝච්චිය යට සිර වී සිටි තරුණයා ඊයේ (18) රාත්‍රි කාලයේ දී ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

එසේ ජීවිතය අහිමි වී ඇත්තේ දික්වැල්ල, වැව්රුකන්නල පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.

ඔහු බේරා ගැනීම සඳහා එම අවස්ථාවේ විශාල පිරිසක් දැඩි පරිශ්‍රමයක් දැරු අතර පැයකට ආසන්න මෙහෙයුමක දී ඔහු දුම්රිය යටින් එලියට ගත්ත ද අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදී ඇත.

එම මෙහෙයුමේ දර්ශන ඊයේ රාත්‍රියේම සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය විය.




Leave a Reply

Your email address will not be published.