උණුසුම් පුවත්
Search
Untitled design

” පුතාල දෙන්න නම් වලින් පවා කැපී පේන්න තමයි ඕනේ ” – තීක්ෂණ අනුරාධ

128

පහුගිය කාලේ ප්‍රසංග ගොඩක් අඩුවෙලා තිබුනේ අපේ ආර්ථික ප්‍රශ්න නිසා ප්‍රසංග වලට යන්න එන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබ්බා. හැබැයි බොහෝමයක් සංගීතවේදීන්ට තමන්ගේ කටයුතු කරගෙන යන්න හිතේ හැටියට නිදහස තිබුනා. දැන් ඔන්න තත්වය ටික ටික නිරාකරණය වේගන එන්නේ ප්‍රසංග වේදිකාවෙ දොරවල් ආයිත් ඇරිලා. ගොඩක් අය ආයෙත් කාර්යබහුල වෙලා. මියුසික් බෑන්ඩ් වලට සංගීත සංදර්ශන සුලබ වෙලා තීක්ෂණටත් බෑන්ඩ් එකක් තියෙනවා. හැබැයි එයා නම් බෑන්ඩ් එකෙන් කරන්නේ wedding හා ඉන්ඩෝ function විතරයි.

ටිකක් බිසි වෙලා ඉන්න තීක්ෂණ පහුගිය දවසක පවුලේ අයත් එක්ක සඟරාවක් වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා. එයා එයාගේ පවුලේ අලුත් තොරතුරු බිරිද එක්ක එකතු වෙලා අපිට කිව්වේ මෙහෙමයි.

316408545 684267089737382 3348377073944319753 n

මගේ උපන් ගම ගාල්ල . දැන්නම් මම ගාල්ල නෙවෙයි ගාල්ලේ ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි අක්කගේ ෆැමිලි එකේ අයයි. තීක්ෂණ සමහර දවසකට එයා ඉන්නේ මහරගම නිසා කොට්ටාව හයිවේ එකට දාලා ගාල්ලෙ ගෙදර ගිහිල්ලා උදේ මහරගම ආයිත් එනවාලු. අම්මයි අක්කලා එයාලා බලන්න නිතර ඇවිල්ල යනවාලු. ගාල්ලේ ගිහාම පරණ යාළුවො ඔක්කොම මුණගැහිලා නා බහ කරලා එන්න අමතක කරන්නෙ නැහැ තීක්ෂණ. අලුතෙන් තීක්ෂණ සින්දු තුනක්ම කරල තියනවා තාම රිලිස් කරල නම් නැහැ. තීක්ෂණට ආදරේට කියන්නේ “තිකා” කියලා. අලුත් ඇල්බම් එක එම නමින් එළි දක්වන තමයි තීක්ෂණ හිතාගෙන ඉන්නේ.

316828902 684333509730740 6684037359317784826 n 1

තීක්ෂණ එයාගෙ දරුවෝ ගැන කතා කරද්දී එයාගෙ ලොකු පුතාට දැන් අවුරුදු පහමාරක්. දැන් ස්කෝලේ යන්නත් කිට්ටුයි. පොඩි පූතාට අවුරුදු දෙකහමාරයි. පොඩි පුතා තමයිලු තාත්තගේ පස්සෙන්ම ඉන්නෙ.

තීක්ෂණ දරුවන්ට ටිකක් වෙනස් විදියේ නම් දාලා තියෙනවා. ඒ ඇයි කිවුවහම එයා කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.මට ඕන වුනේ කවුරුත් එහෙම අහනවට ඔයත් ඇහුව නේ.පුතාලා නම් වලින් පවා කැපී පෙනෙනවා ද මං ආසයි. අපි දන්නෙ නෑ ඉස්සරහට මෙයාලා පිට රට ඉදි ද ලංකාවෙි ඉදි ද කියලා. ඔක්කොටම ගැලපෙන තමයි නම් දැම්මෙ.

316806635 683705169793574 6329687401290097064 n 2