උණුසුම් පුවත්
Search
randika

”මේ තියෙන ප්‍රශ්න එක්ක විවාහයක් ගැන දැන්ම හිතන්න බෑ” – රන්දික ගුණතිලක

189

රන්දික ගුණතිලක කියන්නේ වර්තමානයේ සිනමාවේ සහ පුංචි තිරයේ ඉන්න දක්ෂ නළුවෙක්. මේ දිනවල අතිශය ජනප්‍රිය “රැල්ල වෙරළට ආදරෙයි” ටෙලි නාට්‍යයේ ශිවා කියන චරිතය හරහා ප්‍රේක්ෂක හදවත් දිනූ ඔහු මේ දින වල මොකද කරන්නේ කියලා හොයලා බලන්න අපි ඔහුට කතා කලා….

රන්දික මේ දිනවල මොකද කරන්නේ?

මේ දිනවල නම් පොඩ්ඩක් විවේකයක් අරගෙන ඉන්නේ ගමේ ඇවිල්ලා. ඒත් සුපුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන යනවා. රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එක්ක සහ තවත් කළා කටයුතුත් එක්ක මගේ කළා ජීවිතේ ඒ ආකාරයෙන් තමයි ගෙවිලා යන්නේ….

No photo description available.

රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ ශිවා කියන චරිතයට මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මීගමුවේ වෙරළ ආශ්‍රිතව තමයි රූගත කිරීම සිදු කෙරෙන්නේ. ඒ අවට ඉන්න ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහලයි. ඒ වගේම තමයි රට වටේ ඉන්න රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය බලන ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන්නෙත් ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්…

No photo description available.

විවාහයක් ගැන තවම හිතලා නැත්ද?

අම්මෝ..තවම නෑ…මේ තියෙන ප්‍රශ්න එක්ක විවාහයක් ගැන දැන්ම හිතන්න බෑ….තේරෙනවනේ රටේ තියෙන ප්‍රශ්න.

No photo description available.