අධ්‍යාපන කටයුතු වලට වගේම නර්ථනයටත් ඇලුම් කරපු ඇයට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වෙන්න අවස්ථාව උදාවෙනවා. නිසි ලෙස රංගනය හැදෑරූ ඇය ඉන් පිටවෙන්නෙ නර්ථන උපාධිධාරිනියක් විදියට. ඒ හරහා ජීවිතය ජයගන්න සිහින මවමින් සිටියදී දෛවය විසින් නොසිතූ ලෙස ඇයට රංගනයට පය තියන්න අවස්ථාව උදාකරනවා. එදා බොහෝ දෙනෙක් ආසාවෙන් නැරඹූ උතුම් පැතුම් ටෙලි සිත්තම හරහා කලා ලෝකෙට ඇතුළු වුණ රුක්ෂානා දිසානායක නමැති ඒ තරුව කලකට පස්සේ පුවත්පත් සාකච්ඡාවකට එක්ව තිබූ අතර මේ එහි උපුටා ගැනීමකි.

නර්ථන කටයුතු වලටත් රංගන කටයුතු වලටත් මැදිවෙල සාමාන්‍ය විදියට ජීවිතය ගෙවන ඇය කිරිබත්ගොඩ පැවැත්වෙන රුක්ෂනා දිසානායක ඩාන්සින් ඇකඩමියෙ ඉගැන්වීම් කටයුතු සිදු කරන බවත් ඒ කටයුතු නැති දවස් වල තමයි රූගත කිරීම්වලට සහභාගි වන බවත් ඇය සඳහන් කරනවා.

දඟකාර රුක්ශානා ඒ ගැන අදහස් දැක්වූයේ මේ විදියටයි…
”මම පුංචි කාලෙ ඉඳලම විනෝදෙන්, විහිළුවෙන් උඩ පැනල, නටල හැමෝම එක්ක සතුටින් ඉන්න කැමති කෙනෙක්…. අන්න ඒ නිසා තමයි දඟකාර බව මගෙන් දකිනව ඇත්තෙ…. ”

විවාහය ගැන ඇය කිව්වේ මෙහෙම දෙයක්….
”විවාහ වෙන්න අම්ම, තාත්ත නම් නිතර මතක් කරනව. වයස හරි ගියාටම කසාද බඳින්න බෑනෙ. මට ආදරය කරන, මාව ආරක්ෂා කරන අවංක කෙනෙක් හමුවුණාම මම ඒ ගැන හිතනවා…”

කොහොම නමුත් මීට පෙර රුක්ශානා පුවත්පත් සාකච්ඡාවකදී හෙළිකර සිටියේ තමා පෙම්වතියක් බවත්, පෙම්වතා වෙනත් ආගමක පුද්ගලයෙකු බවත්ය. එමෙන්ම ඔහු කලා ක්ෂේත්රයට සම්බන්ධයක් නොමැති අතර ඔහුගේ පවුලෙන් ඔවුන්ගේ මෙම සම්බන්ධයට කැමැත්තක් ද නැති බවයි.

ඉතින් මේ සුන්දර කලා ශිල්පිනියට ඇයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන දවසක් ඉක්මනින්ම උදාවෙන්න කියලා අපිත් සුබ පතනවා.
