උණුසුම් පුවත්
Search
anoma

”60 පැනපු ජයසිරිලාගෙන් බේරෙන්න බෑ, එහෙම නෑ දර්ශන් විනීතයි” – අනෝමා ජනාදරී

2372

රංගන ශිල්පී ධර්ෂන් ධර්මරාජ් අද (02) පෙරවරුවේ ජීවිතයට සමු දෙනවා.

ඒත් සමඟම ඔහු ගැන බොහෝ ප්‍රේක්ෂකයින් ශෝකය පළ කරනු දැකගත හැකි වූවා.

කෙසේ නමුත් මෙම ශෝක ප්‍රකාශ අතරේ මෙරට ප්‍රකට නිළි අනෝමා ජිනාදරී අපූරු සටහනක් සිය මුහුණු පොතට එක්කර තිබෙනු දක්නට ලැබුණා.

image 47

ඇය එක්කර තිබූ සටහන පහතින්.

නිර්මාණ කිහිපයක අපි එකට රඟපෑවා.ඒ හැම එකක්ම පාහේ ලිංගික ජවනිකා තිබුණා.ලිංගිකත්වයට බර චරිත තිබුණා.රඟපෑමේ දී ඔහු පුදුම සහයෝගයක් ඵල කරන නළුවෙක්. සංවේදී නළුවෙක්.

සිංහල නළුවෝ එක්ක රඟපාලා ගෙදර යන අතරමග දී අයුතු ලිංගික යෝජනා එනවා.වයසට ගිය 60 පැනපු ජයසිරිලා වගේ නළුවොන්ගේනුත් බේරෙන්න බැහැ. තරුණ නිළියෝ කට ඇරියොත් ලෝකෙම ඉන්න නළුවෝ ගැන කියනවා උන්ගේ නැටි කරකැවිලා යන්න.

ඒත් දර්ශන් අද වෙනතුරු තරුණ නළුවෙක් හැටියට ගෞරවණීය ලෙස මට සැලකුවේ. ඒ ඔහු විනීත පුද්ගලයෙක් නිසා.

ඔහුට ඕන වුණා ඉන්දියාවේ ලයිසන් නළුවෙකු වෙලා ඉහළට යන්න.එහෙම අවස්ථා පවා ඔහුට ලැබුණා.ඒත් ඔහු අපේ ක්‍ෂේත්‍රයේ ඉන්න කැමති වුණා.

ඒ වගේම ඔහු ‘සුනාමි’චිත්‍රපටයේ රඟපෑමට සම්මානයක් ලැබේවි කියලා දැඩි විශ්වාසයකින් හිටියා…

වයස 41 ක් කියන්නේ මැරෙන්න ඕනේ වයසක් නෙවෙයි.හැබැයි ඔහු ගංජා,අරක්කු,සිගරට් අසීමිත ලෙස බොන නළුවොන්ට පණිවුඩයක් දීලා තියෙනවා….

image 46