කලා ලෝකයේ රසිකයන්ගේ හිත් ගත් නලුවන් සිටින්නේ බොහොම අතලොස්සක්. ඒ අතරින් මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ රංගන ශිල්පි chameera liyanage කියන්නේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත. දක්ශ වගේම අහිංසක රංගන ශිල්පීයෙක්. චමිර නම් මේ දවස් වල වැඩිපුරම මහන්සි වෙන්නේ කෝලම් කුට්ටම ටෙලිනාට්‍යය සඳහා කියලා තමයි ඔහු කියන්නෙ.
ටෙලි නාට්‍ය රැසක රංගන දායකත්වයක් ලබා දීලා තියෙන ඔහු අවස්ථා කිහිපයකදීම නැගී එන නළුවා සම්මාන සඳහා ද නිර්දේශ ලබාගෙන තියෙනවා කලා ලෝකයේ තමන් මෙච්චර කාලයක් ආපු ගමන් මග පිළිබඳ ඔහු මාධ්‍යට කියලා තිබුණේ මෙන්න මේ වගේ අදහසක්.
මම ටෙලිනාට්‍ය හතළිහකට වැඩිය රංගන දායකත්වය දක්වලා තියෙනවා. 2015 ඉදලා තුන්වතාවක් නැගීගෙන එන නළුවා සම්මානයට මම නිර්දේශ වුණා. මම එම ටෙලි නාට්‍යය වල කරපු චරිත නිසා. ගිය අවුරුද්දේ රනිල් කුලසිංහ සහෝදර රංගන ශිල්පියා අධ්‍යක්ෂණය කරපු වල වැට්ටුවා රංගනය වෙනුවෙන් රයිගම් සම්මාන හිමි වුණා. මේ කාලෙ තුල මං වෙනස්ම චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට ගියා.
ඒ විදිහට මගේ රංගනය ගැන අදහස් දක්වපු ඔහු කියන්නෙ ජීවිතේ තියෙන එකම අරමුණක් කියලා. ඒ ඔහුගේ බලාපොරොත්තු වෙන ඉලක්ක වෙත කලාව හරහා යන එක. චමිරගෙ ජීවිතය ඕනෙවට වඩා දුකක් නැති ඕනෙවට වඩා සතුටක් ද නැති මධ්‍යස්ථ මාවතේ ගමන් කරන චරිතයක්. ඔහු මෑතක බං කියලා තිබුණා ලංකාව වගේ රටක ජීවත් වෙනකොට හරි හරියනවද කියල. ඒත් කවදාක්වත් ලංකාව දාලා යන්නේ නැහැ කියලා ඔහු කියනවා. මේ කඩවසම් රංගන ශිල්පියා තරුණියන්ගේ තමන්ට ලැබෙන ආකර්ෂණය ආදරය ගැන ප්‍රකාශ කරල තිබුනෙ මෙන්න මේ වගේ කතාවක්.
මම තාමත් තනිකඩයා. ආසයි තව ටික දවසක් නිදහසේ ඉන්න. දැන් තියන ආර්ථික තත්වය එක්ක කෙල්ලෝ නඩත්තු කරනවා තියා තමන්ට වත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මමත් ආදරය කරා අවුරුදු අටක් ආදරේ ගොඩක් සුන්දරයි. ඒත් අපි යම් යම් නොගැලපීම් නිසා වෙන් උනා. අපි දෙන්න අදටත් හොඳ යාළුවෝ එයාගෙ ඕනම දෙයකට මම ඉන්නවා මගේ ඕනම දේකට එයා ඉන්නවා. මමත් දවසක බදියි. මම ඒව ගැන ලොකුවට හීන මවන්නේ නැහැ.
ඊළඟට චමීර ගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව සම්බන්ධ වන චිත්‍රපටිය ඉතා හොඳින් නිම කරගන්න එක. එයාගේ ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටු කරගන්න වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.