උණුසුම් පුවත්
Search
niroshan dickwella

”ඔව්! මම කොකේන් ගත්තා” – නිරෝෂන් දික්වැල්ල වරද පිළිගනියි

165

තහනම් උත්තේජක ලබා ගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා විනය කමිටුව හමුවේ පිළිගෙන තිබෙනවා. තමා කොකේන් භාවිත කළ බව නිරෝෂන් දික්වැල්ල එහි දී පිළිගෙන තිබේ. පසුගිදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවා පරීක්ෂණයක් පවත්වමින් සිටියේය. තහනම් උත්තේජක චෝදනා එල්ල වූ දික්වැල්ල ක්‍රීඩා විද්‍යායතනයේදී ක්‍රීඩා විනය කමිටුව හමුවේ ඊයේ පෙනී සිටියේය.
තහ­නම් උත්තේ­ජක භාවි­ත­කොට එල්පී­එල් තර­ගා­ව­ලියේ ක්‍රීඩා කළ ගෝල් මාව­ලර්ස් නායක නිරෝ­ෂන් දික්වැල්ල ඊයේ පෙර­වරුවේ ජාතික විනය කමි­ටුව ඉදි­රියේ පෙනී සිට වරද පිලිගත්තේය. ඔහුට ලැබෙන දඩුවම ඉදිරියේදී තීන්දු කරනු ඇත.

ශ්‍රී ලංකා තහ­නම් උත්තේ­ජක මර්දන නියෝ­ජි­තා­ය­ත­නයේ ප්‍රකා­ශ­ක­යෙකු පැවැ­සූවේ තර­ග­යක් අත­ර­තු­රදී ලබා­ගත් මුත්‍රා සාම්පල පරී­ක්ෂ­ණ­ය­ක දී තහ­නම් උත්තේ­ජක භාවි­තය තහ­වු­රු වී ඇති බැවින් මේ ගැන සැකයක් නොතිබූ බවයි.

Sri Lankan cricketer Niroshan Dickwella suspended indefinitely over doping violation, niroshan dickwella, suspension, Sri Lanka Cricket, Doping

මෙයට මාස­ය­කට පෙර නිමා­වට පත්වූ ලංකා ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කළ ක්‍රීඩ­ක­යන් 12නාගේ මුත්‍රා නියැදි ශ්‍රී ලංකා තහ­නම් උත්තේ­ජක මර්දන නියෝ­ජි­තා­ය­ත­නය පරි­ක්ෂා­ව­කට ලක්කළ අතර, එයින් නිරෝ­ෂන් දික්වැ­ල්ලගේ පම­ණක් තහ­නම් මත්ද්‍ර­ව්‍ය­යක් වන කොකේන් ධනා­ත්මක බව තහ­වු­රු වී තිබුණි. මේ පරී­ක්ෂණ වාර්තා ලද වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් දික්වැ­ල්ලට නැවත දැනුම් දෙන­තුරු තාව­කා­ලික තරග තහ­න­මක් පැන­වීය.

මේ සිද්ධි­යේදී දික්වැල්ල වැර­දි­කරු විම නිසා සියලු ආකා­රයේ ක්‍රීඩා­ ව­ලින් වසර 07ක තහ­න­ම­කට මුහුණ දිය යුතු අතර තවම අවසන් තීවන්දුව ප්‍රකාශයට පත් කර නැත. පාර්ලි­මේන්තු පන­ත­කින් සම්මත කරන ලද ජාතික තහ­නම් උත්තේ­ජක මර්දන වගන්ති අනුව ඔහුගේ පුහු­ණු­ක­රුට එරෙ­හිව ද විනය පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වීමේ හැකි­යාව පවතී.

2021 ජුනි මාස­යේදී ශ්‍රී ලංකා කණ්ඩා­යමේ, එංග­ලන්ත තරග සංචා­රය තුළදී කොරෝනා නීති උල්ලං­ඝ­නය කර­මින් ජෛව ආර­ක්ෂිත බුබුල බිඳ දැමීමේ චෝදනා දික්වැ­ල්ලට මීට පෙර එල්ල වූවේය. එහිදී දික්වැල්ල ඇතුළු ක්‍රීඩ­ක­යින් තිදෙ­නෙ­කුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් වස­රක ජාත්‍ය­න්තර තරග තහ­න­මක්, මාස 6ක දේශීය තරග තහ­න­මක් සහ දඩ මුද­ලක් පැන­වීය.

කෙසේ වුවද ඔවුන්ට එරෙ­හිව පනවා තිබූ ජාත්‍ය­න්තර තරග තහ­නම සහ දේශීය තරග තහ­නම 2022 වසරේ ජන­වාරි මස 7 වැනිදා ඉවත් විය. එතැන් සිට මේ දක්වා දික්වැල්ල දෙස් විදෙස් තරග බිමේ ක්‍රිකට් ක්‍රීඩා කළේය. දක්ෂ ආර­ම්භක පිති­ක­රු­වකු වන නිරෝ­ෂන් දික්වැල්ල මෙවර එල්පී­එල් තර­ගා­ව­ලියේ තරග 10කදී ලකුණු 184ක් ලබා­ගත් අතර, අව­සන් මහා තර­ගය දක්වා කණ්ඩා­යම මෙහෙය වීමට සමත් වූයේය.