උණුසුම් පුවත්
Search
anuradha

”අවුරුදු ගාණක ප්‍රේමය නැති වුණේ තේරුම් ගැනිල්ල වැඩි වෙලා” – අනුරාධා එදිරිසිංහ

129

අපේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියලා කියන්නේ. ඉතින් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන අලුත්ම ටෙලිනාට්‍ය වන කෝලම්කුට්ටම ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

image 477

ඉතින් රාවණ හී පුෂ්පෝත්කතා චරිතය තමයිලු ඇයගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුනේ. ඉතින් ඒක ඇයට තාමත් අදහගන්න බැරි දෙයක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ දවස්වල රාවණ තුන්වන අදියර රූපගත වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒකෙ ඇයගේ චරිතය අවුරුදු 60-65 දක්වා විහිදෙනවාලු.

image 475

ඉතින් ඒ වගේම ඇය දැන් කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 8ක් වෙනවාලු. ඒ ආව ගමන ඇයට හොඳට මතකයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම අවුරුදු 13 දී වගේ ඇය රූපවාහිනි වැඩසටහන් වලට සම්බන්ධ වුණාලු. කොහොම නමුත් ඉගෙනීම කඩාකප්පල් කරගනීවි කියලා තාත්ත අකමැති වුණ නිසා අතරමඟදි නතර වුණා කියලයි ඇය කියන්නේ.

image 476

ඉතින් ඊට පස්සෙ වෙළෙඳ දැන්වීමකට පෙනී ඉන්න ඇයට අවස්ථාව ලැබුණාලු. ඉතින් ඒකෙ මොඩ්ල්ට එන්න බැරි වුණ නිසා රෑ 10ට විතර ආපු කෝල් එකකින් තමයිලු ඇය එයට සම්බන්ධ වුනේ. ඉතින් ඊට පස්සේ ඒ කණ්ඩායම හරහා තමයිලු ඇයට ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම ලලිත් ධර්මප්‍රියගේ ‘පාට පිහාටු’ කියන ටෙලි නාට්‍යයට තමයිලු ඇය මුලින්ම සම්බන්ධ වුණේ. ඒත් ඒක විකාශය වුණේ නැහැ කියලයි ඇය කියන්නේ.

image 472

ඉතින් ඇයගේ රූපවාහිනියේ විකාශය වුණු පළමු ටෙලි නාට්‍යය වුණේ සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ ‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍ය කියලත් ඇය කියනවා. ඉතින් ඊට පස්සේ ගිරිදේවි, ගරුඬ මුහුර්ත, සකර්ම එක ළඟ විකාශය වුණ නාට්‍ය කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම රයිගම් සම්මාන උළෙලේ හොඳම සහාය නිළියට හිමි සම්මානය සකර්ම ටෙලිනාට්‍ය නිසා ඇයට හිමි වුනාලු.

image 473

ඉතින් ඒ වගේම පාසල් යන කාලේ පාසල තුළ ඇය ආදරේට තැනක් දුන්නෙ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඉගෙනීමට තමයිලු ඇය මුල්තැන දුන්නේ. කොහොම නමුත් අවුරුදු ගාණක ප්‍රේමයක් ඇයටත් තිබුණාලු. ඒත් ඒක නැති වුණේ ඔවුන් අතර තේරුම් ගැනිල්ල වැඩි වෙලා කියලයි ඇය කියන්නේ.

image 474

ඒත් ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැති නිසා ඔවුන් දෙන්නා තරහක් නැතුව තේරුම් අරගෙනම වෙන්වුණා කියලත් ඇය කියනවා. එහෙම වුණා කියලා ඇය විවාහය ගැන අදහස අතෑරලා නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් පසුගිය කාලේ පටන් ගත්ත වැඩ ටික කරගෙන ඉදිරියේදී විවාහයේ වැඩකටයුතුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

image 471



Leave a Reply

Your email address will not be published.