උණුසුම් පුවත්
Search
xhamster

එක්ස් – හැම්ස්ටර් අනවසර වීඩියෝ පලිගැනීම් වල ගොදුරක් යැයි නඩුවක්

4094

ප්‍රකට අන්තර්ජාල නිල් චිත්‍රපට ඇතුළත් වෙබ් අඩවියක් වන ‘එක්ස් – හැම්ස්ටර්‘ හි අන්තර්ගතයන් සම්බන්ධ ගැටලුකාරී තත්වයන් මතුව ඇතැයි නෙදර්ලන්තයේ ඔන්ලයින් ළමා අපචාර කාර්යාංශය ( EOKM හෙවත් Expertisebureau Online Kindermisbruik) නඩුවක් ගොනු කර තිබේ.

මෙම නඩුව මගින් කියා සිටියේ එහි උඩුගත කර ඇති ඇතැම් වීඩියෝ කණ්ඩ ඒවායේ පෙනී සිටින අයගේ අවසරයකින් තොරව උඩුගත කර ඇති අවස්ථාවන්හි දී අදාළ පාර්ශ්ව අගතියට පත්වන බවයි. විශේෂයෙන්ම ළමා වයස් නියෝජනය කරන අයගේ අනාගතයට බලපාන තර්ජනයක් ඉන් මතුව ඇති බවයි.

සඳුදා EOKM විසින් ගොනු කරන ලද නඩුවට අනුව අධිකරණ විභාගයේදී වෙබ් අඩවියේ පරිපාලකයින්ට කරුණු දක්වන්නට සිදුවිය. ඔවුනගේ ස්ථාවරය වූයේ 2021 ට පසු ඔවුන් බොහෝ විට අවසරය මත උඩුගත කිරීම් සදහා පමණක් අනුකූලතාව දක්වන බවත් ඇතැම් පැමිණිලි කිරීම් අනුව අනවසර වීඩියෝ ඉවත් කරන්නට කටයුතු කළ බවත්ය. නමුත් 2021 ට පෙර “පැරණි” කාමුක වීඩියෝ සඳහා කැමැත්ත නිරීක්ෂණය කළ නොහැකි බවයි.

How Many Times Should I Be Having Sex In A Day? | Bodywise

EOKM තර්ක කළේ තම ලිංගික සබඳතා කිසිසේත්ම අසභ්‍ය වෙබ් අඩවියක ප්‍රදර්ශනය කිරීමට අකමැති වින්දිතයන් සිටින බවයි. මෙමගින් ඔවුන්ට හානියක් වන බවයි.

ඇම්ස්ටර්ඩෑම් හි උසාවියේදී, EOKM විසින් එලෙස උඩුගත වූ වීඩියෝ කොටස් ගණනාවක් උදාරණ ලෙස පෙන්වා තිබුණි. ඒ ඇතැම්වා වෙනත් පාර්ශව වල පලිගැනීම් ලෙස අන්තර්ජාලයට එකතු කළ ඒවා බවද එය භයානක තත්වයක් බවද පෙන්නුම් කර තිබුණි.

Sex: How does it impact brain activity?

EOKM කියා සිටියේ වෙබ් අඩවිය තිරයේ දිස්වන සියලුම පාර්ශ්වයන්ගේ කැමැත්ත ලබාගෙන නොමැති නම් වෙබ් අඩවියෙන් වීඩියෝ ඉවත් කරන ලෙස ය.

මීට පෙර, අසභ්‍ය වෙබ් අඩවියක් වන ‘වජිනා‘ ට එරෙහිව මෙවැනිම නඩුවක් ඔවුන් ගොනු කළ අතර එහි ප්‍රතිඵලය සාර්ථක විය. “පුද්ගලිකත්ව අයිතිවාසිකම් පුළුල්ව උල්ලංඝණය කිරීම ප්‍රධාන සමාජ ගැටලුවක්” බව ඔවුන් පෙන්වා දී තිබේ.

මෙම නඩුවේ තීන්දුව අප්‍රේල් 12 වැනිදා අධිකරණය ලබාදීමට නියමිතය.