ලොව උසම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාව හිමි තුර්කි ජාතික Rumeysa Gelgi පසුගිය දා පළමු වරට ගුවන් ගමනක නිරත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇය ඉස්තාන්බුල් සිට සැන් ෆ්රැන්සිස්කෝ දක්වා ගමන් කර ඇති බවයි.
25 හැවිරිදි Rumeysa ප්‍රථම ගුවන් ගමන මෙය වන අතර ගුවන් යානය තුළ අයට අසුන් ගැනීම සඳහා ආසන 06ක් ඉවත් කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත්, පැය 13ක පමණ වූ ගුවන් ගමනෙහි වැඩි කාලයක් නිදා ගනිමින් යාමට ඇයට සිදු වීම විශේෂත්වයකි.
Rumeysa Gelgiගේ උස අඩි 7යි අඟල් 7කි.
“මෙය මගේ පළමු ගුවන් ගමනයි, නමුත් එය නිසැකවම අවසාන ගුවන් ගමන නොවේ,” යැයි ඇය ප්‍රකාශ කර ඇත.
සැප්තැම්බර් මාසයේ මෙම ගුවන් ගමනේ නිරත වී ඇති ඇය ඉදිරි මාස 06 ඇමෙරිකා එක්සත් ජනපදයේ ගත කිරීමට නියමිතය.
ජීවත්ව සිටින ලොව උසම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇය 2021 වසරේ දී හිමිකම් කීවා ය.
ඇයට Weaver syndrome නම් රෝගී තත්ත්වයක් ඇති අතර ඉන් අස්ථි වේගයෙන් වර්ධනය වන අතර සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වේ.