උණුසුම් පුවත්
Search
Amou

”ලොව අපිරිසිඳුම මිනිසා” ඔහුගේ දිවියට සමුදෙයි

231

“ලෝකයේ අපිරිසිදුම මිනිසා” ලෙස මාධ්‍ය විසින් හඳුන්වන ලද ඉරාන ජාතික Amou Haji මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි.

image 353

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ පළමු ඇඟ සේදීමෙන් මාස කිහිපයකට පසු ඔහු මෙලෙස මියගොස් ඇති බවයි.

Amou Haji අඩ සියවසකට අධික කාලයක් සබන් සහ වතුර භාවිතය ප්‍රතික්ෂේප කර තිබුණේ, ඉන් ඔහු අසනීප වනු ඇතැයි බියට පත් වූ නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

image 350

ඉරානයේ ෆාර්ස් පළාතේ දිවි ගෙවා ඇති ඔහු, මීට පෙර ද ගම්මුන් විසින් පිරිසිදු කිරීමට ගන්නා ලද උත්සහයකින් ගැළ වී තිබේ.

image 354

කෙසේ වෙතත්, එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන් ඔහු මීට මාස කිහිපයකට පෙර ඇඟ සෝදා පිරිසිදු වී ඇත.

ඉන් කෙටි කාලයකට පසු ඔහු අසනීප වී ඇති අතර පසුගිය ඉරිදා (23) ඔහු ජීවිතයෙන් සමුගත් බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

image 351

ටෙහෙරාන් ටයිම්ස් සමග 2014 වසරේදී සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී Amou Haji ප්‍රකාශ කර ඇත්තේ, සිය ප්‍රියතම ආහාරය ඉත්තෑ මස් බව ය.

ඔහු ජීවත් වී ඇත්තේ, දෙජ්ගා ගම්මානයේ වැසියන් විසින් සකසා දෙන ලද ගඩොල් බිත්තිවලින් වට වූ පොළව තුළ හාරන ලද ගුලක් තුළ ය.

image 352