ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ කලකට ඉහතදී අතිශයින් ජනප්‍රිය රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ලැගුම් ගත්ත ආදරණීය කලාකරුවෙක් තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ. ඔහු පිළිබඳව කථා කරද්දී පසුගිය කාල සීමාවේදී හර්ෂණ වැඩි වශයෙන් නිර්මාණත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපිට දැක බලාගන්න අවස්ථාව ලැබුණේ නැහැ.

ඒකට හේතුව වශයෙන් ඔහු කිව්වේ එක දිගටම එකම රාමුවකට කොටු වුණු චරිත ලැබුන නිසා ඒ චරිත ප්‍රතික්ෂේප කරන්න ඔහුට සිද්ධ වෙච්ච නිසා මේ විදියට නිතරම පුංචි තිරයෙන් දැක බලා ගන්නට නොහැකි වෙන්න ඇති කියන දේ. ඔහු පළමු වරට විවාහ වුණේ ක්ෂේත්රයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී එක්ක කියන්න ගොඩක් දෙනෙක් දන්නවා.

ඉතින් අලුත් විවාහයෙන් අවුරුදු එක හමාරකට විතර පස්සෙ තමයි ඔහු නැවත වතාවක් නිර්මාණ එක්ක සම්බන්ධ වෙන්න පටන් ගත්තේ. දෙවන වර ඔහු විවාහ වෙන්නේ අරුණි නදීශානි කියන තරුණියක් එක්කයි. ඇය නම් කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි, නමුත් ඇය ව්‍යාපාරිකාවක් ලෙස ප්‍රකටයි.

ඉතින් මේ විවාහ ජීවිතය එක්ක ගොඩක් දෙනෙක් ඔහුගේ ජීවිතය ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම තමයි රඟපාන්නේ නැතුව ගෙදරට වෙලා ඉද්දි කොහොමද සල්ලි හොයාගන්නේ කියන දේත් ගොඩක් අය ඇහුවා. ඒ දේවල් වලට හර්ෂණ පිළිතුරු දුන්නේ මේ විදිහටයි….

“ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා ඒවායින් හම්බ කරලා කාලා, බීලා ජීවත් වෙන්න ඕනි නෑ මට…. මම කලාව කරන්නේ ඒකට තියෙන දැඩි කැමැත්ත නිසා….. ඒ කැමැත්ත දැන් අඩුවෙලා යනවා වගේ දැනෙනවා. හැමදාම මගේ ජීවිතේ තීරණ ගත්තේ මම, වැරදුනොත් කාටවත් දොස් කියන්නේ නෑ…. මොකද මගේ තීරණ. අනිත් එක ජොබ් කරන බිරින්දෑවරුන්ගේ කුස්සිය බලන්න, හරි අපිළිවෙළයි… කැතයි… ජීවිතය සමබර නැහැ…..
නමුත් දැන් ගෙදර යද්දි උදේ වගේම හවසත් ලස්සනයි. සුවඳයි….. එහෙම දෙයක් වෙන්න නම් බිරිය ගෙදර ඉන්න ඕනේ. මේ ජීවිතේ ගැන මං ඉන්න සතුටින්… දික්කසාද උන නිසානේ ඒ අත්දැකීමත් ගත්තෙ, කිසිම දුකක් කලකිරීමක් නැහැ”

ඉතින් හර්ශන කලකට පසුව පුවත්පතකට ඒ විදිහට තමයි ඔහුගේ ජීවිතය ගතකරන ආකාරය ගැන අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.