ඉන්ධන අලෙවි කිරීමේ දී අනුගමනය කළ යුතු නිර්දේශ නොසළකා කටයුතු කළ ඉන්ධනහල් 04කට ඉන්ධන සැපයුම නතර කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී.
මෙලෙස ඉන්ධන සැපයුම නතර කර ඇත්තේ මාකොල දකුණ මාකොල ලංකා ඉන්ධන හල, ගාල්ල, කැලණිය, පෙතියාගොඩ සහ මීරිගම ලංකා පිරවුම්පළවල් හතරේය.
යතුරුපැදි සඳහා රුපියල් 2000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිරීම, ත්රිරෝද රථ සඳහා රුපියල් 2000ක්, මෝටර් රථ හා අනෙකුත් වාහන සඳහා රුපියල් 8000ක් දක්වා නිකුත් කිරීම යන උපදෙස් නොසළකා කටයුතු කිරීම හා වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් තෙල් තොග සඟවා තැබීම යන කරුණු මුල්කර ගෙන සංස්ථා අලෙවි අංශය මගින් මෙම ඉන්ධනහල් වලට එරෙහිව මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව ලබාදී තිබෙන උපදෙස් නොතකා කටයුතු කරන අනෙකුත් ඉන්ධනහල් පිළිබඳව ද සොයා බලා ඒවාට එරෙහිව පියවර ගන්නා බව ද සංස්ථාව කියා සිටියි.
ශිරාන් රණසිංහ