තවමත් ගෙදර දොර වැඩපළ වලින් බහුතරයක් සිදුකරන්නේ කාන්තාවන් බව බ්‍රිතාන්‍යයේ සිදුකල සමීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. බ්‍රිතාන්‍යය ජාතිකයන්ගේ බහුතරයක් ගෙදර දොර වැඩපළ බෙදාගතයුතු බවට එකඟ වන නමුත් තවමත් වැඩි කොටස සිදුකරන්නේ කාන්තාවන් බවයි එම සමීක්ෂනය කියා සිටින්නේ.
බ්‍රිතාන්‍යයේ පුද්ගලයන්ගේ සමාජ ආකල්ප පිලිබඳව සිදුකල සමීක්ෂණයකින් මෙම තොරතුරු සොයාගෙන තිබෙනවා.
පුද්ගලයන් 6638 දෙනෙකු සමඟ සාකච්ඡා කරමින් පසුගිය වසරේ සැප්තැම්බර් හා ඔක්තෝබර් අතර කාලය තුල සිදුකරන ලද මෙම සමීක්ෂණයේදී එම පිරිසෙන් හතරෙන් තුනකට වඩා පිරිසක් ගෘහස්ථ වැඩ සමානව බෙදිය යුතු බව පිලිගත්තද එම පිරිසෙන් තුනෙන් දෙකක්ම කියා සිටියේ කාන්තාවන් තවමත් පිරිසිදු කිරීම්, කෑම පිසීම ඇතුළු වැඩි වැඩ කොටසක් සිදුකරමින් සිටින බවයි.
එම සමීක්ෂණය අනුව තහවුරු වූ වැදගත්කම කාරණාව වන්නේ 1980 ගණන් වල මැද භාගයේ සිට ස්ත්‍රීපුරුෂ සමාජ භාවය පිලිබඳව අදහස් බොහෝ සේ වෙනස් වී ඇති බවයි. 1983 වසරේදි සිදුකල සමීක්ෂණයට අනුව “පිරිමියෙකුගේ රැකියාව වන්නේ මුදල් ඉපැයීම සහ කාන්තාවගේ කාර්‍ය්ය නිවස බලා ගැනීම” යන ප්‍රකාශය සමඟ 48% පිරිසක් එකඟ උවද අද වන විට ඒ සමඟ එකඟ වන්නේ 9% පිරිසක් පමණි.
1983 දී වැඩකල හැකි වයසේ කාන්තාවන්ගෙන් රැකියා අනුපාතය 54% ක් උවද 2022 වන විට එය 72% දක්වා වැඩිවී ඇත. එහෙත් එහි පිරිමින්ගේ වැඩිවීම 1983 දී 78% සිට මේ වන විට 79% දක්වා පමණි. 1989 දී සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 50% ගැහැණිය සහ පිරිමියා යන දෙදෙනාම නිවසේ ආදායමට දායක විය යුතු බව සඳහන් කල අතර මේ වන විට 70% පමණ එම මතය දරණ බවයි.
සමීක්ෂණයට සහභාගි වූ කාන්තාවන්ගෙන් 63% කියා සිටියේ තමන් නිවසේදී සාධාරණ වැඩ කොටසට වඩා වැඩි යමක් සිදුකරන බවයි. 22% පිරිමි තමන් සෑහෙන සහයෝගයක් දකිවන බව පිලිගත්තද 32% පිරිමි කියා සිටියේ තමන් නිවසේදී සිදුකරන වැඩ ප්‍රමාණය කල යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් සිදුකරන බවයි.
තිලාන් ජයසේකර