ක්ෂේත්‍රයේ රංගන ශිල්පිනියන් ගත්තොත් ඒ අතරින් අතළොස්සක් තමයි සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නේ. ඉතින් රංගන ශිල්පිනියන් බොහෝමයක් තම සැමියාගෙන් වෙන් වෙලා තනිව ජීවිත ගත කරන්නේ. මේ අතරින් පියුමි බොතේජු කියන්නේත් ජීවිතේ විවිධ හැලහැප්පීම් එක්ක විඳ දරාගැනීම් එක්ක තමන්ගේ ගමන තනිවම යන රංගන ශිල්පිනියක්. ඒ වගේම පියුමි පෞද්ගලික ජීවිතය ඇතුළේ යුග දිවි කිහිපයකටම පිවිසි පිරිස අතර සිටින තවත් එක රංගන ශිල්පිණියක්.
පසුගිය දිනෙක පියුමි ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්ටෝරීස් ලෙස අපූරු සටහනක් පළ කරල තිබුණා. ඒ ජීවිතේ දරාගැනීම් එක්ක තමන්ගේ ගමන යන කාන්තාවන් ගැන.
මේකේ විශේෂත්වය තමයි පියුමි පළ කරපු මේ සටහනේ උමාලි තිලකරත්නගේ ඡායාරූපයක් තිබීම. උමාලිත් තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ පළමු විවාහයට සමු දී තනිව ජීවත් වෙන කාන්තාවක්.
කොහොම වුණත් මේ ලෝකේ හැමෝම විඳවීම් – දරාගැනීම් එක්ක ජීවත් වෙන නොකී කතා ගොඩක් හිතේ තද කරන් ජීවත් වෙන නිසා කාගෙවත් ජීවිත විනිශ්චය කරන්න කාටවත් නොහැකි බව සඳහන් කළ යුතුමයි…
ඉතින් මේ තියෙන්නේ පියුමි පළ කරපු ඒ සටහනයි.