උණුසුම් පුවත්
Search
shyami nadeesha

”තියෙන වැඩත් එක්ක සංගීතයට වෙන් කරන්න කාලයක් නෑ” – චන්ද්‍රලේඛාගේ වැඩිමහල් දියණිය ශ්‍යාමි නදීෂා

377

චන්ද්‍රලේකා පෙරේරා කියන්නේ අපේ රටේ ගායන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු සුවිශේෂී කටහඬකට උරුමකම් කියන ගායිකාවක්. ඇය විවාහ වුණේ ඔබ අපි කවුරුත් දන්න ආදරණීය ගායන ශිල්පියෙක් වන රූකාන්ත ගුණතිලක සමඟයි.

නමුත් රූකාන්ත එක්ක විවාහ ජීවිතයකට යන්න කලින් චන්ද්‍රලේඛා, පවුල් ජීවිතයක් ගත කරපු කෙනෙක්. එම විවාහ ජීවිතයෙන් ද ඇයට දරුවන් දෙදෙනෙකු සිටිනවා කියන කාරණය කලා ක්ෂේත්‍රය ගැන දන්න ඔබට අලුත් තොරතුරක් නම් නොවෙයි. ඒ අතරින් ඇයගේ වැඩිමහල් දියණිය තමයි ශ්‍යාමි නදීශා කියන්නේ…… ඒ වගේම ඇයට තව පුතෙක් ද ඒ විවාහයෙන් සිටිනවා. කෙසේ නමුත් එම දරු දෙදෙනාම මේ වන විට විදෙස්ගතව තමයි ජීවත් වන්නේ. ඔවුන් චන්ද්‍රලේඛාගේ පළමු විවාහයේ දරුවන් වුණත් රයිනි සහ වින්ඩි සමඟ ඉතා හොඳ හිතවත්කමින් කටයුතු කරනවා යන්න සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තර දැක බලා ගන්නට ලැබෙනවා.

No photo description available.

ඉතින් මේ දෙපිරිසම සහෝදර සහෝදරියන් විදිහට බොහෝම සමගියෙන් කාලය ගත කරනවා. ඒ වගේම තමයි කොයි තරම් දුරක හිටියත් සතියකට එක පාරක් හෝ හැමෝම වීඩියෝ කෝල් අරගෙන කතා කරන්න අමතක කරන්නෙත් නැහැ කියලා තමයි ඔවුන් ඇතැම් තැන්වල සඳහන් කරලා තියෙන්නේ.

ඒ දේවල් එක්ක ජීවිතේ ඉතාමත් සාර්ථකව ගත කරන චන්ද්‍රලේඛාගේ වැඩිමහල් දියණිය වන ශ්‍යාමි නදීෂාගේ වර්තමානයේ අලුත්ම ජීවන තොරතුරු ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්…..

May be an image of 1 person, smiling, baby's-breath, prairie gentian and text

“මගේ සැමියා, එයාගෙ නම සුසන්ත. මට සුසන්තව හමුවෙන්නෙ සකුරා සංගීත කණ්ඩායමේ රිදම් ගිටාර් වාදකයෙක් හැටියට. එයා දීර්ඝ කාලයක් සංගීත කණ්ඩායම් වල වැඩ කළා. ඒ කාලෙ වැඩවලදි මට එයාව නිතර හමුවුණා. අපි අතරෙ ආදරයක් ඇති වෙලා විවාහ වුණාට පස්සෙ අපි ඔස්ට්‍රේලියාවේ පදිංචියට එන්න තීරණය කළා…… ඒ නිසා එයාට බෑන්ඩ් එකෙන් අයින් වෙන්න වුණා. එදා ඉඳන් අද දක්වා මගේ පිටිපස්සෙ ඉඳන් හැමදේටම උදව් කරන්නෙ එයා.

May be an image of 1 person and stone-fruit tree

අපි ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල. මට බබාල තුන්දෙනෙක් ඉන්නවා. දුවල දෙන්නයි පුතයි….. එයාලගෙ ඉස්කෝල වැඩයි, රැකියාවෙ වැඩයි එක්ක මට සංගීතය වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැති තරම්. ඒත් සුසන්ත නම් සංගීතය අත්හැරියෙ නෑ…. එයා දිගටම මෙහේ සංගීත කණ්ඩායම් වල ප්ලේ කළා. අපි හරි සතුටින් මෙහේ ජීවත් වෙනවා…..”

No photo description available.

May be an image of 1 person and smiling

No photo description available.