උණුසුම් පුවත්
Search
windy

”අයියෝ සාමි…. ” නිසා වසරේ විශිෂ්ඨතම සංවේදී ගීතය වෙනුවෙන් වින්ඩි සම්මාන ලබයි

533

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන ”අයියෝ සාමි…. ” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩ්සන් සම්මාන උළෙලේ දී (16 th Edison Awards) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන ඊයේ (26) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර මෙම සම්මාන උළෙල ඉකුත් 24 වන දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණා.

May be an image of 4 people

මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීත‍ය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක්ව තිබෙනවා.

මෙම පිරිස ඊයේ රාත්‍රී 06.10ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එසේම වින්ඩි ගුණතිලකගේ දෙමාපියන් වන රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා ද සනුක වික්‍රමසිංහගේ පියා වන සංගීත් වික්‍රමසිංහ ඇතුළු විශාල පිරිසක් මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට සහභාගී වීම සදහා ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගොස් තිබුණා.

May be an image of 2 people, beard and text

May be an image of 3 people and text

May be an image of 7 people and text

කටුනායක ගුවන් තොටුපොළේ දී ගායිකා වින්දි ගුණතිලක තම ” අයියෝ සාමි ” ගීතය ජාත්‍යන්තර ගීත දර්ශක වල ඉහළින්ම ඔසවා තැබීමට ලොව පුරා තම රසිකයන් පළ කර තිබූ මනාප වලට ද ස්තුතිය පළ කිරීමට ද අමතක කළේ නෑ.

May be an image of 15 people and crowd

May be an image of 7 people and flower

May be an image of 1 person, prairie gentian and baby's-breath