උණුසුම් පුවත්
Search
windy 1 1

වින්ඩි සහ සනුකටත් මේ මස අගදී මංගල සීනු හැඬවෙයි

165

වින්ඩි ගුණතිලක කියන්නේ සංගීතයට උපතින්ම උරුමකම් කියන පවුලකින් පැවත එන දක්ෂ යොවුන් ගායිකාවක්. අපේ රටේ සංගීත ක්ෂේත්‍රයෙ පෙරළිකාර හඬවල් වුණු රූකාන්ත සහ චන්ද්‍රලේඛාගෙ බාල දියණිය වන ඇය මේ දිනවල නම් නොදන්නා කෙනෙක් නැති තරමට ජනතාව අතර ජනප්‍රියයි. කවුරුත් ආදරය කරන, ආකර්ෂණීය හඬක් තියෙන ඇය ”අයියෝ සාමි” ගීතයේ හිමිකාරිනියයි. තමන්ගෙ කාර්යබහුලත්වයෙන් මදක් මිදිලා වින්ඩි තමන්ගෙ අලුත් ගීතය ගැන පුවත්පතකට දැක්වූ අදහස් තමයි මේ…..

image 126

”අයියො සාම් මෙච්චර දුරට මාධ්‍ය වල පැතිරේ කියලා හිතුවේ නෑ, බලාපොරොත්තු වුණෙත් නැහැ. ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියා, කුවේට්, කටාර්, ඩුබායි හැම රටකම youtube එකෙන් trending ලිස්ට් වල මේ සිංදුව තියෙනවා….”

අයියෝ සාමි ගිතයට ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා ඇහුවම එයා දීලා තිබුනේ මෙහෙම උත්තරයක්….

”මගේ අම්මයි තාත්තයි හරි කැමතියි මම දෙමළ සින්දුවක් කියපු එක ගැන. මගේ අක්කා රයිනිට මේක සප්‍රයිස් එකක්…. එයා කවදාවත් හිතුවෙ නැහැ මට දෙමළ සිංදු කියන්න පුළුවන් කියලා….”

image 127

වින්ඩි කියන්නේ ගොඩක් නිහඬ චරිතයක්… එයා කියන විදියට අයියෝ සාමි සිංහල සින්දු තමයිලු මුලින් කරේ. ඒකත් දැන් රිලීස් කරන්නලු හිතාගෙන ඉන්නේ.

වින්ඩිගේ ආදරවන්තයා සනුක ලියපු තවත් ගීතයක් ඉස්සරහට රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා කියලා තමයි ඇය සඳහන් කරලා තිබ්බේ. එයාගේ තාත්තයි සනුකයි තමයි මම එයාගෙ සංගීත ජීවිතය පිටිපස්සේ ඉන්න රහස කියලත් ඇය කියලා තියෙනවා.

image 128

ඉස්සරහට ජීවිතය ගැන මොකද හිතෙන්නේ කියලා ඇහුවම ඇය කියන්නේ මෙහෙම දෙයක්….

මම හිතන්නේ වටිනාකම් නැති කර ගන්නේ නැතුව දෙවියන් වහන්සේගේ ආශිර්වාදය එක්ක පවුලේ අය සමඟ සතුටින් ජීවත් වෙන්නයි ඕනේ. ඒ වගේම අනාගත බලාපොරොත්තු ගැනත් ඇය මෙහෙම අදහසක් තමා ප්‍රකාශ කළේ.. මම ලොකුවට අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න කෙනෙක් නෙවෙයි. මේ කාලේ බලාපොරොත්තුව මගේම සින්දු ඇතුළත් ඇල්බම් එකක් රිලීස් කරන එක තමයි.

image 129

මේ විස්තර අතරේ වින්ඩි ගැන සුබ පුවතක් අසන්නටත් ලැබෙනවා. ඒ මේ මාස අන්තිම සතියේ සනුක සමග ඇයගේ විවාහය සිදුවන බවයි. ඒ නිසා ඇය තරමක් කාර්යබහුල බවටත් තොරතුරු වාර්තා වෙනවා.

image 130