උණුසුම් පුවත්
Search
Untitled design 1

රටම පුදුම කරමින් ආක්ශාගේ ඇඟ පුරා කහ ආලේප කලේ ඇයි ?

491

දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ සිටින ජනප්‍රියම චරිතයක් තමයි ආක්ෂා කියන්නේ. හැඩකාර දඟකාර කටකාර යුවතියක් වන ඇය දෙවනි ඉනිම කතාවට පැමිණි දවසේ ඉඳලාම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. රංගනයට ඇවිත් කෙටි කාලයකින් ජනප්‍රිය වෙනවා කියන්නේ දක්ෂතාවය වගේම වාසනාවත් තියෙන්නම ඕන. ඉතින් නෙත්මි කියන්නෙත් තමන්ගේ වාසනාවත් දක්ෂතාවයත් එක්ක ඉස්සරහට ආපු කෙනෙක්. පසුගිය දවසක නෙත්මි විසින් විශේෂ දෙයක් කරලා තිබුනා.

304976616 539477787980121 424853619132397346 n

ඒ තමයි ඇයගේ ශරීරයේ කහ දියර ආලේප කරලා තිබුනා, ඒක කරන්නේ හින්දු ක්‍රමයට විවහා වෙද්දිනේ. ඉතින් හැමෝම පුදුමයට පත්වෙලා තිබුනා රහසේම ඇයත් විවහා ගිවිස ගත්තාදක් කියලා. ඒ ගැන සොයලා බලද්දී දැනගන්න ලැබුනේ මේක ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක් කියලා. මේ හැමදෙයක්ම එක්ක ඇයගේ විස්තර ගැනත් මාධ්‍යට පැවසුවේ මෙහෙමයි.

306140076 539477721313461 5355230119111338646 n

ඇත්තටම පොඩි කාලේ ඉඳලා මට ආසාව තිබුනේ නර්තනය පැත්තෙන් ඉස්සරහට යන්න. එහෙම ඉද්දි මම දැක්කා හැම අවුරුද්දකම රුපවාහිනී අවුරුදු කුමරිය තේරීමේ තරඟයේ දිනන කෙනාට දෙන ලස්සන ඔටුන්න. මටත් එහෙම ඔටුන්නක් පළඳින්න තිබුනානම් කියලා ඒකට ආසාවක් ඇතිවුනා. නමුත් ඉගැනීමේ වඩාත් එක්ක ඒ දේවල් වලට සම්පුර්ණ කාලයක් යොදවන්න පුළුවන් කමක් නැහැ.

307159244 539477697980130 2306605254127934407 n

තාත්තානම් කොහොමත් එහෙම දේවල් වලට මම යනවට කැමති වුනේ නැහැ. එහෙම ඉඳලා උසස්පෙලටත් A සමර්ථ තුනක් අරගෙන කැම්පස් ගියාට පස්සේ කලාව ගැන තිබුන හීන එහෙමම නැතිවුනා. කැම්පස් එකේදී ඒ හීනයට නැවත පණක් ලැබුනා, එහෙදි අවුරුදු කුමාරි තරඟයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්නත් හැකිවුනා.

306353797 539477947980105 4867325612317981324 n

එමගින් ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක රුපවාහිනී වෙළඳ දැන්වීම් වලට, මියුසික් වීඩියෝ වලටත් ආරාධනා ලැබුනා. ඒ අතරේ දෙවැනි ඉනිමේ චරිතයකට රඟපාන්න ආරාධනා ලැබුනම මට අදහගන්න බැරිවුනා. හරිම ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යක ප්‍රධාන චරිතයක් ලැබුනා කිව්වම පුදුම සතුටක් දැනුනේ. ඒ ඔස්සේ තමයි මාව හැමෝම හඳුනාගත්තේ. පලවෙනි චරිතය තප්පර ගණනක ඇක්ටින් එකක් කරන්න තිබුනේ. ඒ පුංචි වේලාවෙන් මාව රටේම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.

306552992 539478064646760 8847105175873657357 n