පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට සමාජ ජාලා කළඹන කෙනෙක් කිව්වට වරදක් නෑ. නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට හැමෝම කතා කරපු ඇය දැන් ව්‍යාපාරිකාවක් කියලා තමයි ඇය නම් කියන්නේ…..
පියුමි ඇගේ එදිනෙදා තොරතුරු නිරන්තරයෙන් සමාජ ජාලා වල පළ කරන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. ඉතින් ඒ වගේම ඇයව ෆලෝ කරන පිරිසත් වැඩියි. පසුගිය දිනවල පියුමි ඉතා වටිනා රතු පැහැති අත්බෑගයක ඡායාරූප නිතරම වගේ සමාජ මාධ්‍යවල පළ කළා.
මේ ඡායාරූප නිසා ඇගේ පරණ යෙහෙළියන් පතුරවපු කටකතා නැවතත් ඇයටම ආරංචි වෙලා කියලා තමයි ඇය පවසන්නේ. ඉතින් ඒ ගැන ටිකක් කේන්ති ගිය පියුමි, මෙන්න මෙහෙම සටහනක් ඇගේ අත්බෑගයේ ඡායාරූපයක්ද සමඟින් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්ටෝරීස් ලෙස පළ කරලා තිබුනා.
”ඇයි අවුල් ද… ලක්ෂ 50ක් දීලා මැරෙන්න ඉන්න සත්තු බේරගන්නත් පුළුවන්, ලක්ෂ 60ක් 70ක් දීලා Hermes Birkin බෑග් එකක් ගන්නත් පුළුවන්…” කියලා තමයි ඇය එම සටහන දාලා තිබ්බේ.