උණුසුම් පුවත්
Search
victor ivan

”මම මොකටද ලැජ්ජා වෙන්නෙ” – වික්ටර් අයිවන්

197

ජේෂ්ඨ මාධ්‍යවේ දී වික්ටර් අයිවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ”ප්‍රතිසංස්කරණ සඳහා වූ ජනතා ව්‍යාපාරය” විසින් ප්‍රතිසංස්කරණ ‍යෝජනා බොහෝ දේශපාලන පක්ෂ නායකයින් හමු වී ඔවුන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වෙතත් මෙම යෝජනා බාර දෙනු ලැබුවා.

ඒ අවස්ථාවට පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න සමඟ සබරගමු පළාත් සභාවේ සභාපතිව සිටි කාංචන ජයරත්න ද එක්ව තිබුණා.

මේ පිළිබඳව පලවන විවේචනයකට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී වික්ටර් අයිවන් පවසන්නේ ප්‍රතිසංස්කරණ සඳහා දේශපාලන පස මිතුරන් අවශ්‍ය බවයි.

image 192

“මොකටද ලැජ්ජා වෙන්නෙ. මම පෙනී සිටින්නෙ විප්ලවයක් වෙනුවෙන් නෙවෙයි; ප්‍රතිසංස්කරණ වෙනුවෙන්. විප්ලවයට දේසහපාලන පස මිතුරන් අවශ්‍ය නැහැ. ප්‍රතිසංස්කරණ වලට ඔවුන් අවශ්‍යයි….. පොහොට්ටුව පක්ෂය මුලු මනින් බැහැර කරලා ප්‍රතිසංස්කරණ දිනාගන්නෙ කොහොමද? අරගලය උච්චතම තැනක තිබෙන අවස්ථාවෙත් මම ජනාධිපති ගෝඨාභය හමුවුණා, ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සමඟ. ඒක හැංඟි හොරා කරපු දෙයක් නොවෙයි…… මම දරන අදහස් වෙනුවෙන් පෙනීසිටීමට අවශ්‍ය නිර්භීතභාවය මට තිබෙනවා. මා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින්නේ ගාණක් හොයා ගන්න නෙමෙයි. සියලු කටයුතු සඳහා අපි අපේ අතිනුයි වියදම් කරන්නෙ……. මම නම් මතභේද මැද ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් දිනා ගැනීම් වෙනුවෙන් කරන දේවල් ගැන ආඩම්බර වනවා මිස ලජ්ජා වන්නේ නැහැ” යි ඔහු සඳහන් කර තිබෙනවා.

image 197
image 193
image 194
image 195
image 196