උණුසුම් පුවත්
Search
madhavee and kasun

”දුවෙක් වුණත්, පුතෙක් වුණත් ඒ දරු පැටියා තමයි මේ ලෝකෙ වාසනාවන්තම කෙනා” – කසුන් මහේන්ද්‍ර

403

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් චරිතයක් තමයි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණිය මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. දක්ෂතා රැසකින් පිරි ඇය පුද්ගලික ජීවිතය තුළ යම් යම් හැලපප්පීම් රැසකට මුහුණ දීමෙන් අනතුරුව කසුන් මහේන්ද්‍ර සමඟ යුග දිවියට පිවිසීමත් සමඟ සමාජයේ විශාල කතාබහක් ඇති කළා.

May be an image of 2 people, beard and text

කසුන් කියන්නේ කවි කාරයෙක්. කලාවට ලැදි ඒ කවි කාරයාගේ සතුට පිරී ඉතිරී ගිහින් තියෙන කාලයක් මේ…. ඒ ඔවුන් මව්පියන් බවට පත්වන්නට සුදානමින් සිටින නිසා. දැන් ඉතින් තාත්තාකෙනෙක් වෙන්න පෙරුම් පුරපු ඔහුගේ ඒ හීනයත් සැබෑ වෙලා….. කිරි සිහිනයට දින ගනින ගමන් මෙන්න මේ විදිහට එයා ආදරණීය සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණා..

May be an image of 2 people

”අපි ආදරේ කරන්න පටන්ගත්‍ත මුල් දවස්වල මං වැඩීපුරම බලාන උන්නෙ ඔයාගෙ ඇස් දිහා. ඇහි පිහාට්ටක් සැලෙන වාරයක් වාරයක් පාසා මට දැනුණෙ මගේ ජීවිතේ සුන්දරම සුයාමයන් මං ගත කරන්න නියමිත ඔයා එක්ක කියලා. දවසක් දවාලක ඔයයි මායි මැරීන් ඩ්‍රයිව්වෙකේ තියෙන දමිළ ආහාර සංස්කෘතියට ප්‍රසිද්ධියක් උසුලන ‘ද්වාරකා’ හෝටලේට ගියා මං ආසම තාලි කන්න. එදා අපිට පේන මානෙ පුංචි සිඟිත්තියක් උන්නා හරිම බුහුටි කටකාර ඒ වගේම දඟකාරකම් පාන. ඔයා එයා දිහා හරිම ආදරෙන් බලාන ඉන්නව මං දැක්කෙ ඔයාගෙ හැම ඇහි පිහාට්ටක් පාසා ම සනහස වෑහිච්ච හින්දා. ඒක මං මේ වෙනකල් ඔයාටවත් කීවෙ නෑ. තව දවසක් මතකද අපි දෙන්නා පීවීආර් එකේ ෆිල්ම්මෙකක් බලන්න ගිය වෙලාවක ‘පොප් කෝන්’ පෝළිමේ ඉද්දි පුංචි කොලු පැටියෙක් උන්නා අම්මගෙනුයි තාත්තාගෙනුයි හරි හරියට ප්‍රශ්න අහන. ඔයා ඒ සිඟිත්තා දිහා බලාගෙන ඉඳලා ‘හරි කියුට් අනේ’ කියලා හෙමීට මට කිව්වා. අන්න එතකොටත් මං දැක්කෙ ඔය ඇස් පිහාට්ටෙන් පිහාට්ට ආදරෙන් දිලිසෙනවා ; හරියට තරු රටාවක් වගේ එක දිගට එකපෙළට…

May be an image of 1 person and text

ඉතිං මගෙ රත්තරං මේ ඉන්නෙ දුවෙක් වුණත්, පුතෙක් වුණත් මං හොඳාකාරව ම දන්න එකම දේ ඔයා වගේ අම්මා කෙනෙක්ගෙ ආදර උණුහුම අසීමාන්තිකව ලබන ඒ දරු පැටියා ‘මේ ලෝකෙ වාසනාවන්තම කෙනා’ කියනෙක විතරමයි ! එපමණයි !” කියලා ඔහු සටහනක් තියලා තිබ්බේ හැමෝගෙම ආදරය ඒ වෙතට ඇද ගනිමිනුයි…

May be an image of 2 people, henna and wedding

May be an image of 2 people, beard and text

May be an image of 3 people, beard and people smiling

May be an image of 2 people, beard, people smiling, television and text