උණුසුම් පුවත්
Search
medha

”මම කොහේ හිටියත් මගේ ආතල් එක ගන්නවා” – මේධා ජයරත්න

82

මේධා ජයරත්න කියන්නේ ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියක් බව ඕනෑම කෙනෙක් දන්නවා. ඇය ගැන වැඩියෙන් කතාකරන්න තවත් එක හේතුවක් තමයි හැමදාම තරුණ කෙල්ලෙක් වගේ ලස්සන රුවක් තියාගෙන ඉන්න එක. සෝෂල් මිඩියා වලත් නිතරම වගේ පුවත් මවන කෙනෙක් නිසා මේධාට හොඳ ජනප්‍රියත්වයක් ලැබෙනවා.

image 13

කොහොම නමුත් දරුවන් දෙදෙනෙකු සිටින පවුල් ජීවිතයට සමු දීලා බොහෝ කාලයක් තනිකඩව සිටියත් දැන් නම් ඇය පෙම්වතියක් කියලා මාධ්‍යට පවසලා තිබුනා.

image 12

”මට නම් ඉතින් මේ ක්ෂේත්‍රය ඇතුලේ කවදාවත් වැඩ නැතිවෙලා නැහැ. රටේ මොන ප්‍රශ්න තිබුනත් මට වැඩ තියනවා. සමහර දවස් වලට බාරගත්තු හැම වැඩක්ම ඉවර කරලා එද්දී පාන්දර දෙක තුන වෙනවා…. ඒක කැමැත්තෙන් ආසාවෙන් කරන දෙයක් නිසා එච්චර මහන්සියක් දැනෙන්නේ නැහැ….. කලාකාරිනියක් විදියට රුගතකිරීම් වලට විවිධ පළාත් වලට යන්න අවස්තාව ලැබෙනවා. එතකොට විවිධ පරිසර වල අත්දැකීම් විදනගන්නත් පුලුවන්…. ඒකට මම ආසයි…

image 7

වෙනත් රැකියාවක් කරද්දී එකම තැනකට වෙලා ඔෆිස් එකකට වෙලා පැය ගණනක් කම්මැලිකමේ ඉන්න වෙනවනේ. ඇත්තටම මගේ රැකියාව නම් හරිම ආසාවෙන් මම කරන්නේ… නිර්මාණ වලින් ඈත් වෙන්න පුලුවන් කියලා හිතන්නත් අමාරුයි. ඉස්සරට වඩා දැන් නිර්මාණ වලට ආරාධනා ලැබෙනවා. අනික වැඩක් කරද්දී මන් අය කරන වටිනාකමක් තියනවා, ඊට වඩා අඩුවෙන් වැඩ කරන්නේ නෑ…..

image 10

එතකොට පවුල් ජිවිතේ ගැන මට දුකක් නැහැ කියලා කිව්වොත් ඒක බොරුවෙක්. සමහර තැන වලදී පවුල් ජිවිතේ කණපිට පෙරලුන අවස්ථා තිබුනා. වැරදුන තැන් ගැන හිතමින් ජිවත් වෙනවට වඩා ඒවා නිවැරදි කරගෙන ඉස්සරහට යන එක හොඳයි කියලා හිතුනා. අපි තනියම ඉන්නවා කියලා දැනගත්තම මිනිස්සු අමුතු විදියට හිතනවානේ…..

image 8

දැන් මට පෙම්වතෙක් ඉන්නවා, ඔහු ව්‍යාපාරිකයෙක්. මගේ අනාගතය වෙනුවෙනුත් කවුරුහරි කෙනෙක් ඉන්න ඕනනේ… විවාහයක් කරගන්න දැන් කාලය හරි කියලා හිතුනම ඒ ගැන හිතනවා. එක තැනක වැරදුනා කියලා ජිවිත කාලෙම විවහා නොවී ඉන්නවා කියලා මම නම් කියන්නේ නැහැ. ජිවිදේ විදින්න ආස කෙනෙක් විදියට මම කොහේ හිටියත් මගේ ආතල් එක ගන්නවා…”

image 9