උණුසුම් පුවත්
Search
thrikala

”මං නම් ආසම දුකක් දැනුනම රේන්ජ් රෝවර් එකක් ඇතුලට වෙලා අඬන්න” – ත්‍රිකලා ධරණි

44

බොහෝ දෙනෙක් ආදරය කරන ඇය නමින් ත්‍රිකලා ධරණී. ජීවිතේ කියන්නෙ අත් හරින්න ඕන දෙයක් කියලා කවුරු හරි කිවොත් ”නෑ…… ඒක එහෙම නෑ” කියන්න මෙන්න හොඳම විසදුම. ඇය ගොඩක් මහන්සියෙන් ඇගේ ජීවිතය ගොඩනගා ගත්ත චරිතයක්. ඒ වගේම තමයි මේ වෙනකොට ඇය ඇගේම කියලා තවත් පිරිසක් නිර්මාණය කරන මඟක් හොයාගෙන. ඒ නිසා ත්‍රිකලා මේ විදිහට ඇගේ සමාජ මාධ්‍යවලට එකතු කරන දේවල් බොහෝ දෙනා ආශිර්වාද කරගත්තට සමහරුන්ට නම් ඒවා එච්චරම දිරවන්නේ නෑ වගේ.

May be an image of 1 person and waterfall

කොහොම වුණත් තමන්ට කරදරයක් වෙනකොටත් තමන් මේ තරම් ශක්තිමත් නම්.. හිතන්න බලන්න ඇය මේ කියන්න උත්සාහ කරන්නෙ එහෙම දෙයක් ගැන.

May be an image of 1 person

”ගොඩක් අය කියාවී ඔය මොන දේ තිබ්බත් වැඩක් නෑ…. ජීවිතේ දුකයි… ප්‍රශ්න…. මේ ඔක්කොම දේවල් වැඩක් නෑ කියලා…. ඔයා ඒවා වැඩිය හිතන්න එපා… දුක දැනෙයි ???? එපා වෙයි…කෑගහලා අඩන්න හිතෙයි….. වෙලාවකට අතාරින්න හිතෙයි… ඒත් කට්ට කාගෙන ඔයාගෙ අරමුණට යන්න… ඇයි දන්නවද ..? මං නම් ආසම දුකක් දැනුනම රේන්ජ් රෝවර් එකක් , BMW එකක් ඇතුලට වෙලා සුවපහසුවෙන් අඩන්න..” කියලා තමයි ඇය සඳහන් කරන්නේ.

May be an image of 1 person, smiling, car and road

May be an image of 1 person and waterfall

May be an image of 1 person, car, road and text that says 'WPC WP C 911'