උණුසුම් පුවත්
Search
Untitled design 18

” නිරූපිකාවක් කිව්වහම ගොඩක් මිනිස්සුන්ගෙ ඇස් උඩ යනවා ” – සුදර්ශි ධර්මසිංහ

206

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියමන බොරුවක් කරපු මිනිසුන් අපට සමාජය දී හමු වෙනවා. අද අපි කතා කරන්න යන චරිතය ක්ෂේත්‍ර තුනක දක්ෂතා ඇති ශිල්පිනියක්. රංගන ක්ෂේත්‍රයේ, නිරූපණ ක්ෂේත්‍රයේ, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ.. සුදර්ශි ධර්මසිංහ හෙට්ටිආරච්චි ඇගේ නම ගොඩක් දෙනා දන්නේ නැති උනාට ඇගෙ සිනහව වගේම ඒ රූපය බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වුණා.පසුගිය කාලය තුල ලංකාවේ බොහෝම ප්‍රසිද්ධ සිනමා නිර්මාණ වල ඇය රංගනයෙන් දායක වුණා. ඇය සිය ජීවිතය පිළිබඳව සති අන්ත පුවත්පතකට පල කර තිබූ සම්මුඛ සාකච්ඡාව පහතින් අප ඔබට ගෙන එනවා.

57034635 1282491248569061 3248381875902742528 n

කොහොමද මේ දවස්වල ජීවිතේ කියලා කියලා මාධ්‍යවේදීන්ගේ අහපු ප්‍රශ්නෙට ඇය බොහොම කෙටියෙන් ලබාදී තිබුණ උත්තරය.. ”මේ දවස්වල කලා කටයුතු කීපයක් වගේම මගේ ව්‍යාපාර කටයුතු නිසා කාර්ය බහුලයි. ඒත් එහෙමයි කියලා ජීවිතේ ඒ ඒ දේවල් එක්ක හිරකරගෙන නෑ. ඉතින් වැඩිපුර පේන්න නොහිටියත් වෙනදා වගේම මං සතුටින් ඉන්නවා.” පුංචි කාලේ අපි කාටත් හීන තියෙනවා ඒ හීන වලින් ලොකු වෙද්දි කවුරු වෙනවද කියලා අපි හිතාගෙන ඉන්නවා. ඇගේ පුංචි කාලේ තිබ්බ සිහින මොකක්ද කියලා ඇය කියලා තිබුණේ මේ විදිහට… ” මං එක හීනයක් ඇතුළේ ජීවත්වුණු තරුණියක් නෙවෙයි. මට එක එක හීන තිබුණා. ජනප්‍රිය නිළියක් වෙන්න, මගේම සැලෝන් එකක් දාගන්න වගේ ලස්සන හීන ටිකක් මට ඒ කාලේ ඉඳන්ම තිබුණා. මේ වෙනකොට මං ඒ හැම හීනයකටම ඇවිත් තියෙනවා. ඒ ගැන ගොඩාක් සතුටුයි.”

52087514 1254776771340509 8592885054143725568 n

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව ඇය දක්වලා තිබුණේ මේ වගේ මතවාදයක්… ”අලුතින් නිරූපණ ක්ෂේත්‍රයට එන සමහර තරුණියෝ එතැනට එන්නේ වැරදි පාරවල්වලින්. ඉතින් ඒ නිසා ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන තියෙන්නේ එච්චර හොඳ චිත්‍රයක් නෙවෙයි. ඒ තත්ත්වය හරි පාරෙන් නිරූපණයට එන අයටත් එක්ක බලපාලා තියෙන්නේ. ඒකයි මොඩ්ලින් කියපු ගමන් අපේ රටේ ගොඩාක් අයගේ ඇස් උඩ යන්නේ. ඒත් ඇත්තටම මොඩ්ලින් කියන්නේ මං දන්න තරමින් ගෞරවනීය වෘත්තියක්. ජාත්‍යන්තරයේ ඒකට ඉහළ පිළිගැනීමක් තියෙනවා.” ඒ වාගේම මෑතක සිට ඇය පුංචි තිරයෙන් දැක්කේ නැති හේතුව පිළිබඳව ඇය මෙසේ අනාවරණය කර තිබුණා…”ආරාධනා නම් ගොඩාක් එනවා. ඒත් මං අම්බලන්ගොඩ, බටපොල නිසා කොළඹට එන්න තියෙන දුර ප්‍රශ්නයත් එක්ක ගොඩාක් අවස්ථා බාරගන්න වෙන්නේ නෑ. දැනට මං ‘ෆේස් ටු ෆේස්, කොළඹ සන්නිය, පෝරිසාදයෝ, ඇලඩින් සහ පුදුම පහන’ වගේ චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය කිහිපයකත් හිටියා. ගීත රූප රචනාවලටත් පෙනී ඉඳලා තියෙනවා.”

158768148 124439149686664 7260937303623525136 n

හැම කෙනෙක්ගෙම ජීවිතයේ සුන්දරම කාලේ පාසල් කාලය. ඇයට ජීවිතයේ ජීවිතයේ සුන්දර අද්දැකීම් තියෙන පාසල් කාලේ පිළිබඳ ඇය මෙහෙම කතාවක් තමා කියලා තිබුනෙ. ” පාසල් කාලේ නම් මං හරි අහිංසක නිශ්ශබ්ද ළමයෙක්. ගොඩාක් වෙලාවට කාගෙවත් මූණ බලාගෙනවත් කතා කරන්නේ නෑ. හැබැයි ඒ කාලේ ඉඳන් මං කේක් හදන්න ආසයි. මං විෂයක් විදිහට ගෘහ විද්‍යාව කළා. ඒ හරහා කේක් හදලා පාසල් මට්ටමින් ජයග්‍රහණ පවා අරන් තියෙනවා. දැන් ඒක ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවා.”

ලස්සන රැකගන්න ඇය කරන උපක්‍රම… ” එහෙම වියදම් කරන්නේ නෑ. ඒත් මං හැමවෙලේම ලස්සනට, පිරිසුදුවට, පිළිවෙළට ඉන්න ආසයි. මොකද තරුණියකට පෙනුම කියන්නේ ආභරණයක්. ඒ නිසා අඳින පලඳින තැන ඉඳන් මං පෙනුම ගැන ටිකක් වැඩිපුර බලනවා. ඒත් එහෙමයි කියලා දහස් ගණන් වියදම් කරන්නේ නම් නෑ.” ආදරය ගැන හිතෙන විදිය…”කවුරුත් කියන විදිහට ආදරේ කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒත් මං ඒකට එක දෙයක් එකතු කරන්න කැමතියි. ඒ තමයි ආදරේ ඒ කියන විදිහට සුන්දර වෙන්නේ හරි කෙනා ජීවිතේට ලැබුණොත් විතරයි. මේ වෙනකොට එහෙම කෙනෙක් මටත් ලැබිලා තියෙනවා. ඉතින් මගේ ජීවිතේ ඇතුළේ ආදරේ කියන දේ හරි සුන්දරයි කියලා බය නැතුව මට කියන්න පුළුවන්.”

69318079 1387603314724520 8709616832115376128 n