අපේ රටේ කලා ක්ෂේත්රයට නවක මුහුණුවරක් ගෙන ආ වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වූ ඇය කවුරුත් හඳුනන දිනිති වල්ගමගේයි.
රංගනයට, නිවේදනයට, ගායනයට මෙන්ම නර්තනයටත් ඇය සැබවින්ම දක්ෂයි.
කෙසේ නමුත් හාරකෝටිය ටෙලි නිර්මාණය හරහා රංගනයට පිවිසෙන ඇයව සිල්ලර සමනල්ලු, No parking, කොළඹ ඉතාලිය, කෝටිපතියෝ, හිරු ඇවිදින්, ෂැඩෝ, Black town story වැනි නිර්මාණ රැසක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආවා.
මේ විදිහට පුංචි තිරයේ ටෙලි නිර්මාණ රාශියක් ඔස්සේ සිය ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇයට ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකර ගැනීමටයි හැකියාව ලැබුණේ.
ඒ කොහොම වෙතත් මේ වෙද්දී නම් ඇය රටම හදුනන චරිතයක් බවට පත්වෙලා අවසන්.

ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.
එහිදී ඇය ඇගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරමින් කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.
”ඉතින් මට වුවමනා වුණේ ලෝකය දකින්න සුන්දර තැන් බලන්න…. ඒවා විඳින්න තමයි මම පොඩි කාලයේ ඉඳලම සිහින දැක්කේ… ඒ වගේම වෙලාවකට මම අහලා තියෙන, ෆොටෝ එකකින් හරි දැකලා තියෙන ලෝකයේ ලස්සන තැන් මට හීනෙනුත් පේනවා.. මේ සොබාදහමට මම ගොඩක් ආදරෙයි…” කියලයි පවසන්නේ.

ඉතින් ඒ නිසා සොබාදහම විඳින එක තමයි මගේ සැනසීම සතුට කියන දිනිති කියන්නේ ඒ හැර රඟපාන්නවත් වෙන ජොබ් එකක් කරන්නවත් හීනයක් තිබ්බේ නෑ කියලයි.
”අපිට අපේ හීන වලට යන්න නම් මුදල් අවශ්‍ය නිසා මම වෘත්තීයමය වශයෙන් ගුවන් සේවිකාවක් වෙන්න තීරණය කළා….” කියන ඇය පවසන්නේ ඇත්තටම මගේ වෘත්තීය නිසා මගේ හීන වලට ළං වෙන එක හැම පැත්තකින්ම පහසු වුණා කියල මම හිතනවා කියලයි.

ඒ කොහොම වෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක ජනප්‍රිය කඩවසම් නළු සංගීත් සතරසිංහ එක්ක එකතු වෙලා හරි අපූරු පිං අතේ වැඩක් කරල තිබුණා.
ඒ බඩගින්නේ පසුවෙන සතුන්ට කෑම වේලක් ලබා දීමේ පිං අතේ වැඩකුයි. ඇත්තෙන්ම මේ කාලයේ ඒ වගේ පින් අතේ වැඩක් කරනවා කියන එකත් අමාරු දෙයක්.
ඉතින් මේ වගේ අමාරු වෙලාවක එලෙස සතුන්ට කෑම දුන් සිදුවීම අරගෙන සමහරක් අය දෝෂාරෝපණය කරල තිබෙනවා අපට දැකගන්න ලැබුණා.

නමුත් දිනිති ගැන දන්න හඳුනන බොහෝදෙනෙකු ඇගේ මේ ක්‍රියාව අගය කිරීමටයි කටයුතු කර සිටියේ. කොහොම වෙතත් ඇය නම් කියන්නේ ඇය සාමාන්‍යයෙන් ලෝකෙට පේන්න පින් කරන්නේ නැහැ කියලයි.
ඒ වගේම මගේ හිතට එකඟව තමයි මම තව කෙනෙක්ට උදව් කරන්නේ කියන ඇය මගේ අතට සල්ලි එන්න පටන් ගත්ත දවසේ ඉඳලාම මම එක එක අයට උදව් කරලා තියෙනවා කියලයි පවසන්නේ.
ඒ විතරක් නොවෙයි අදටත් හැම මාසෙකම දුප්පත් අහිංසක පවුලකට මම උදව් කරනවා… කියන ඇය කියන්නේ මිනිහෙක්ට උදව්වක්වත් කරන්නේ නැති ආඩම්බර කෙල්ලෙක් කියලා දකින පිරිසක් ඉන්නවා කියලයි.
ඉතින් ඒ නිසා තමයි මම කරන සමහර දේවල් සෝෂල් මීඩියා දාන්නේ කියන ඇය ඒවා දකින තව පිරිසක් රැල්ලට හරි තව කාට හරි උදව් කරනවා නම් ඒකත් ලොකු පිනක් කියලයි පවසන්නේ.
කොහොමහරි ඉතින් ආදරය කියන්නේ හරි සුන්දර දෙයක් බව කියන ඇය ඇත්තටම ආදරේ කියන්නේ විඳින්න තියෙන දෙයක් වුණත් අද සමාජයේ බොහෝ දෙනෙක් ආදරය විඳවනවා කියලයි කියන්නේ.
ඒකට හේතුව ආදරයේදී හැමෝම ආත්මාර්ථකාමී වීම කියල මම හිතනවා කියන ඇය කියන්නේ ආදරය හැමතිස්සේම බෙදා ගත යුතු දෙයක් කියලයි.

තවද බදාගෙන ආදරය කළාම ඉතිරි වෙන්නේ දුකක් බව කියන දිනිති පවසන්නේ ආදරේදි ආත්මාර්ථකාමී වීම සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් කියලයි.
නමුත් සමහරු ආත්මාර්ථකාමීත්වයේ අන්තෙටම යනවා කියන ඇය කියන්නේ එතකොට ආදරේ ලස්සන දකින්න බැහැ කියලයි. ඒ වගේම කොන්දේසි විරහිතව හැම කෙනෙක්ටම ආදරය කරන්න වගේම අනෙක් කෙනාගේ නිදහසට ගරු කරන්න කියල කියන ඇය පවසන්නේ එහෙම වුණොත් මේ ලෝකය මීටත් වඩා ලස්සන වේවි කියලයි.


