උණුසුම් පුවත්
Search
Untitled design 15

” අලුත් ඇඳුමක් ගත්තම අඳින්නෙ එක පාරයි, එච්චරට ඇඳුම් ගන්නවා ” – සචිනි අයේන්ද්‍රා

2280

බොහෝ කාලයක ඉඳලා නමක් දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සචිනි අයේන්ද්‍රා කියන්නේ. සිනමා නිලියක් ලෙසින් සහ ටෙලිනාට්‍ය වලත් ප්‍රධාන චරිත ඔස්සේ දැකගන්න ලැබුණු ඇය දැන්නම් රඟපෑම් කටයුතු වල නිරත වෙන බවක් පෙනෙන්නට නැහැ. රංගනයට අමතරව රුපලාවන්‍ය ක්ෂේත්‍රයේත් නමක් දිනාගත් කෙනෙක් ලෙස ඇයව හඳුන්වන්න පුලුවන්. ඉතින් බොහෝ කාලෙකට පස්සේ මාධ්‍යත් සමග සාකච්චාවකට එකතු වෙලා ඇයගේ අලුත්ම විස්තර කියලා තිබුනේ මෙහෙමයි.

sachini ayendra 14

ඉස්සර වගේ නෙවෙයි දරුවෝ ඉන්න අම්මා කෙනෙක් විදියට දැන් වගකීම් ගොඩක් තියනවා. ගෙදර වැඩ වලට උදව්වට අය ඉන්නවා, ඒත් දුවලා ඉස්කෝලේ යවලා ගෙදර එක්කගෙන එක තමයි මගේ ප්‍රධානම වැඩේ. මගේ දේවල් වලට වඩා දැන්නම් මුල්තැන දීලා තියෙන්නේ දරුවන්ට. ඒ දෙන්නා මට ගොඩක් කරදර කරන්නෙත් නැහැ, අක්කයි නංගියි එකතු වෙලා සෙල්ලම් කර කර ඉන්නවා.

sachini ayendra

විවේකයක් ලැබෙන වෙලාවට ගෙදරට වෙලා ඉන්න තමයි කැමති. බබාලාට පාසල් නිවාඩු කාලයක් ආවම වෙන රටකට ගිහින් විනෝද වෙලා එනවා. බොහෝ දෙනෙක් කියන්නේ දරුවෝ ඉන්නකොට තමන් ගැන හිතන්න වෙලාවක් නැහැ කියලා. මටත් දරුවන් ඉන්නවා හැබැයි මගේ දෙව දේවල් කරගන්නත් කාලය වෙන් කරගන්නවා.

Sachini Ayendra New 5

අම්මා කෙනෙක් නිරෝගිව හිටියොත් තමයි දරුවත් වත් පෝෂණය කරන්න පුලුවන් වෙන්නේ. ලස්සනට ඉන්න එකත් මගේ වෘත්තියටත් අවශ්ෂ්‍ය දෙයක්නේ. හැම වැඩක්ම හරියට ප්ලෑන් කරලා කාලය කළමනාකරණය කරගත්තම ප්‍රශ්නයක් නැ. විලාසිතා කරනවා, ජිම් යනවා, ආහාර ගැන සැලකිලිමත් වෙනවා. අලුතෙන් ඇඳුමක් ගත්තම අඳින්නෙත් එකපාරයි, එච්චරට ඇඳුම් තියනවා.

SachiniAyendra Trendceylon.com 030923082021 01

විවේකයෙන් ඉන්න වෙලාවට ෂොපින් කරන එකත් හරිම ආස දෙයක්. දවසෙම උනත් කන්නේ බොන්නේ නැතුව ෂොපින් කරන්න පුලුවන්. තනියම ගියාම කැමති විදියට ඇවිදලා කැමති වෙලාවක් ඉඳලා එන්න පුලුවන්නේ. මමනම් කියන්නේ තමන්ට තමන් ආදරේ කරන්න, එතකොට හැමදෙයක්ම හොඳින් කරන්න ශක්තිය ලැබෙනවා. තමන්ගේ තියන සුන්දරත්වය තවත් වැඩිකරගන්න තරමට අනිත් අයටත් ප්‍රියමනාප වෙනවා.

66101641 10157301142807128 6044868437044363264 n