උණුසුම් පුවත්
Search
nirosha thalagala

”විවාහ වෙනකොට ඉදිකට්ටක තරම් දෙයක්වත් අපි දෙන්නට තිබුණෙ නෑ” – නිරෝෂා තලගල

17618

නිරෝෂා තලගල කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඉතා දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇයව මේ දිනවල පුංචි තිරය හරහා නිතරම දැක ගන්න ලැබෙනවා. ඒ ටෙලිනාට්‍යය වල විවිධ චරිත හරහා. ඉතින් එකිනෙකට වෙනස් වූ චරිත රංගනය කරන නිරෝෂා තලගලට ගොඩක් දෙනෙක් ආදරය කරන්නේ කෝලම්කුට්ටම ටෙලිනාට්‍යයේ සබීතා විදියටයි.

No photo description available.

ඒ වගේම බොනිකර තරු, දෙකඩ කඩ, අපි එක රෑනේ වැනි ටෙලිනාට්‍යය කිහිපයකම ඇයව දැක ගන්නට ලැබෙනවා. නිරෝෂා තලගල ආදරණීය රංගන ශිල්පිනිය මේ වන විට ආදරණීය දියණියකගේ මවක්. ඇයගේ සැමියා අසේල කලා කටයුතු වලට ඉතා ලොකු සහයෝගයක් නිරෝෂට ලබා දෙනවා කියලා තමයි නිරෝෂා සදහන් කරන්නේ. ඉතින් ඇගේ ජීවිතයේ තොරතුරු ඇය මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

No photo description available.

”අපේ ප්‍රේමය පටන් ගත්තේ පාසල් කාලෙදිමයි. සම්බන්දෙ පටන් අරන් සති දෙකකට පස්සේ මට බෑ කියලා ලියුමක් අසේලට යැව්වා. අන්තිමට අසේලට මම නිසා නටන්නත් සිද්ද වුණා. අසේල නැටුම් පන්ති ආවා මාව බලන්න ඕන නිසා. අපි අවුරුදු 06ක් ආදරේ කරලා 2008 අවුරුද්දෙදි විවාහ වුනා….

No photo description available.

අපි විවාහ වෙනකොට අසේලට රැකියාවක්වත් තිබුණෙ නෑ. ඉදිකට්ටක තරම් දෙයක්වත් අපි දෙන්නට තිබුණෙ නෑ. මම බය වුණේ ගෙදරින් අපේ සම්බන්ධයට අකමැති වෙයි කියලා. අපි විවාහ වෙලා අවුරුදු 11කින් තමයි අපිට දුව හම්බ වුණේ. එයා පොඩි කාලේ මම වැඩ වලට යනකොට ඇඩුවා. දැන්නම් එහෙම නෑ එයාට තේරෙනවනේ….”

No photo description available.