උණුසුම් පුවත්
Search
randela dinesh

”මැරේජ් එකත් ෆේල් වෙලා ඉඳපු මං එයාට මල්ලි කියලා කතා කළේ” – රැන්ඩෙලා

401

‘මා නුඹට පෙම් කළේ…..’ කියන එකම එක ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැඟී ඒ ආදරණීය ගායන ශිල්පියා, එක රැයින් රසික හදවත් සොරාගත්තා. අනතුරුව ප්‍රසංග වේදිකාවේ පවා නිරන්තර දකින චරිතයක් බවට පත් වූ ඔහු නමින් දිනේෂ් තරංග යි. මේ වන විට ක්ෂේත්‍රයේ නිහතමානී ගායකයෙක් ලෙස නම දිනා සිටින දිනේෂ්ගේ ආදර කතාවත් බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වන දෙයක්.

image 75

එහෙම වුණත්, තමන්ට එල්ල වන චෝදනා හෝ විවේචන තඹේකට මායිම් නොකරන දිනේෂ් ඔහුගේ ආදර කතාව මහා ඉහළින් වර්ණනා කරන කෙනෙක්.

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක වැඩසටහනක් සමඟ එක්වුණු දිනේෂ්ගේ බිරිඳ රැන්ඩෙලා, දිනේෂ් ගැන මතක අවදි කර තිබුණෙ මෙන්න මෙහෙමයි..

image 74

“මම මේක කියන්න දෙපාරක් හිතන්න ඕනි නෑ.. මොකද මම මගේ පළවැනි මැරේජ් එකෙන් මම ෆේල්. ජීවිතේ ටිකක් පහුවෙලා තමයි ඉතින් හරියන දේවල් වෙන්නෙ. මගේ අම්මි නැතිවෙනවා මට අවුරුදු 29දී.. මගේ තාත්තා නැතිවෙනවා අවුරුදු 19දී.. අම්මි නැතිවුණාට පස්සෙ තමයි තාරක (දිනේෂ් තරංග තාරක) පල්ලියේ යූස් කරන්නෙ ඒ නම.. තාරක එනවා. හරි කිට්ටු වෙනවා. සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක්ට තේරෙනවනේ.

image 72

මම මල්ලි කියලා කතා කළේ. අවුරුදු 9ක ගැප් එකක්. මැරේජ් එකත් ෆේල්… අම්මිත් නැතුව යනවා. අම්මි ටීච් කරලා තිබුණා දිනේෂ්ට. ඒ වෙලාවේ ලයිෆ් එකේ හරි… එම්ටි වෙලා තිබ්බ අවස්ථාවක්. ප්ලෑන් කරලා නෙවෙයි. ඒක ඉබේ සිද්ධ වුණා. ආදරේ කියන ෆීලින් එකක් නෙවෙයි. මම ෆිසිකලි අවුලක හිටපු වෙලාවක්. අම්මගේ ෆියුනරල් එකෙන් පස්සෙ.

image 73

කාලෙත් එක්ක දවසක් බුන්දි දුන්නා. ඒක තමා පළවැනි තෑග්ග. ඒ වගේ හරි කෙයාරින් දේවල් තිබ්බා. මම ආස දේවල් එයා දන්නවා. අපිට එකතු වෙන්න සිද්ධ වෙනවා පස්සෙ. මම මේක කියන්න ඕනි. මිනිස්සු හරියට ප්ලෑන් කරනවා දේවල්.. එහෙම වෙන එක වැරදි නෑ. එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. අපි දෙන්නව ගද්දි සම්මත අසම්මත වචන එළියට එනවා. ගොඩක් මෙයාගෙන් අහලා තිබ්බා, වයසට යද්දි ප්‍රශ්නයක් වෙනවා නේද කියලා.. මිනිස්සු ස්කෑන් කරනවා, ජජ් කරනවා දැකලාවත් නැතුව..”

image 71



Leave a Reply

Your email address will not be published. Required fields are marked *