උණුසුම් පුවත්
Search
bandu

”අයියා ඉස්සර තාත්තගේ සල්ලි හොරකම් කරනකොට මම තමයි ඔත්තු බලන්නේ” – බන්දු සමරසිංහ

894

සිනමාවේ ප්‍රකට විකට ශිල්පියෙකු ලෙස අපි කවුරුත් හදුනන ප්‍රහසන රංගන ශිල්පියෙක් තමයි බන්දු සමරසිංහ කියන්නේ. කෑගල්ලේ උපන් බන්දු සමරසිංහ මේ වනවිට සිනමා ක්ශේෂ්ත්‍රය තුල දීර්ඝ කාලයක් ප්‍රහසන නලුවෙක් විදියට ප්‍රේක්ෂක අපි අතරට එනවා. බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුර් යන මේ විකට නළුවන් දෙදෙනාගෙන් ටෙනිසන් කුරේ නම් මේ වන විට අපි අතර නෑ.

ඉතින් ප්‍රේක්ෂකයන් සිනහ සාගරයේ ගිල්වන බන්දු සිංහ සිනමාවේ ගණන් කරන්නට බැරි තරමේ නිර්මාණයන් සදහා සම්බන්ධ වෙලා සිටිනවා. ඔහු රංගනය කල චිත්‍රපට අතර කස්තුරි සුවද, නිල්ල සොයා, රෑ ඩැනියෙල් දවල් මිගල්, සදහටම ඔබ මගේ, හලෝ ශ්‍යාමා, හිත හොද කොල්ලෙක්, පෙරලිකාරයෝ, චෙරියෝ ඩොක්ටර්, හායි හූයි බබි ආච්චි, පිස්සු පූසෝ, පාර්ලිමන්ට් ජෝක්ස්, අපිස්සු ඩබ්ල්, සොමි බෝයිස් වැනි සිනමා නිර්මාණ රැසක රංගනයෙන් දායක වෙනවා.

image 584

1972 වසරේ ”සදහටම ඔබ මගේ” චිත්‍රපටයට තමයි ඔහු ප්‍රථමයෙන්ම රංගනයෙන් දායක වෙන්නේ. එතනින් පටන් ගත්ත කලා ජීවිතය තමයි අද මේ වනවිට සිනමාව පුරාවටම ප්‍රහසනය අතින් ඉහල ස්ථානයක් ගන්න රංගන ශිල්පීන් අතර ඉන්නේ. ප්‍රහසන රංගන ශිල්පීන් අතලොස්සක් ඉන්න අපේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් තමයි බන්දු සමරසිංහ කියන්නේ.

image 587

ඉතින් රංගන ශිල්පියෙක් පමණක් නෙමෙයි නිවේදකයෙක්. අධ්‍යක්ෂකවරයෙක් විදියට වගේම ගායකයෙක් විදියටත් අපි ඔහුව දකිනවා. ඒ වගේම ඔහු දේශපාලන වේදිකාව තුළත් වැඩි වැඩියෙන් දක්නට ලැබුණා… පුංචි තිරයේ එදා මෙදා තුර ප්‍රේක්ෂකයන්ගේ මුවගට සිනහවක් එක් කරන්නට හැකිවුණු බන්දු සමරසිංහ ඔහුගේ අතීතය ගැන පසුගිය දිනකදී රූපවාහිනි වැඩසටහනකදී අදහස් දක්වලා තිබුණා.

image 586

” ඉස්සර අපි ගෙදර ඉන්නකොට පොඩි කාලේ අපේ අයියා, තාත්තගේ අල්මාරියෙන් සල්ලි හොරකම් කරනවා. මම හොරකම් කරන්නෙ නෑ… ඒත් අයියා ගන්නකම් මම බලන් ඉන්නවා…. අයියා ගන්නකොට මම තමයි ජනේලේ ලගට වෙලා කවුරුහරි එනවද කියලා බලන්නේ. මට අයියව තාත්තට පාවලා දෙන්න බැරුව අයියවත් තරහකරගන්නැතුව කරන්න දෙයක් මම කල්පනා කරලා තාත්තට කිව්වා අල්මාරියේ ඉබ්බයි යතුරයි වෙනස් කරන්න කියලා….”

ඉතින් මේ විදියට තමයි සිනමාවේ විකට නලු රජු වන බන්දු සමරසිංහ අදහස් දක්වලා තිබුණේ.

image 588
image 589




Leave a Reply

Your email address will not be published. Required fields are marked *