උණුසුම් පුවත්
Search
niranjani

”නිවුස් කියන්න කතා කරද්දි මම හිතුවේ දමිළ භාෂාවෙන් කියලා” – නිරන්ජනී ශම්මුගරාජා

880

නිරන්ජනී ශම්මුගරාජා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් කිව්වොත් හරි. ඒ වගේම තමයි පසුගිය රයිගම් සම්මාන උළෙලේ දී ඇය දමිළ භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් හොඳම පූරකවරියට නිර්දේශ වුණා.

May be an image of 1 person, oboe and flute

දමිළ නිවේදිකාවක් විදිහට අද වෙනකොට ඉතිහාසයේ පළමු වතාවට ඇයට සිංහල ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මේ අවස්ථාව ඇය වෙනුවෙන් ලබා දුන්නේ ස්වර්ණවාහිනී ආයතනය. නොහිතපු වෙලාවක ඇයට ලැබුණු මේ අපූරු අවස්ථාව පිළිබඳව නිරංජනී පුවත්පතකට කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

May be an image of 1 person, television, newsroom and text

“අපිට ජීවිතේ ජීවත් වීමම අභියෝගයක්. අපේ ජීවිත තව ලස්සන කරන්නෙම අපිට ලැබෙන අභියෝග තුළ…. සංජිව කුරගම අයියා ජනවාරි 12 වෙනිදා කතා කරලා ඇහුවා ඔයා කැමැතිද නිව්ස් කියන්න කියලා. මම හිතුවේ දමිළ භාෂාවෙන් වෙන්න ඇති කියලා. මම එහෙම හිතුවේ ස්වර්ණවාහිනී නාළිකාවට දමිළ භාෂා චැනල් තියෙන නිසා….. හැබැයි සංජිව අයියා සිංහල ප්‍රවෘත්ති කියලා කියද්දී මට කියවුණේ ”මම…. ?” කියලා විතරයි….. “ඔව් නංගි ඔයා තමයි“ කියද්දී මම කිසිම දෙයක් නොසිතා “හරි අයියේ“ කියලා ක්ෂණිකව ඒක භාර ගත්තා.

May be an image of 2 people and people smiling

අපිට ලැබෙන අභියෝගයකට අපි උත්සාහ නොකර අපිට පරාජය පිළිගන්න බැහැනේ. මම එහෙම හිතන කෙනෙක්…. මම කිවුවා ඒ නිසා මම එන්නම්, ඇවිත් බලන්නම් කියලා. එතකොට මට සංජිව අයියා කිවුවේ “ඔයා ගිය අවුරුද්දේ දමිළ සහ සිංහල කියන අංශ දෙකෙන්ම හොඳම නිවේදිකාවට නිර්දේශ වෙලා වාර්තා අතරට ආව කෙනෙක්. ඔයාට මේක කරන්න බැරි නැහැ….“ කියලයි. ඉතින් මට වඩා මගේ ගැන විශ්වාසය තිබ්බේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානි සංජිව කුරගම. මට තිබ්බ සතුට තව කෙනෙක් මා කෙරෙහි තැබූ විශ්වාසය. ඒ විශ්වාසය මතයි මම ගියේ…”

කොහොම නමුත් මේ වන විට අඛණ්ඩව ඇය අනෙකුත් රංගන ශිල්පිනියන් සමඟම ප්‍රවෘත්ති නිවේදනය කරන අපූරුව රූපවාහිනිය හරහා අපිට දැකගන්නට ලැබෙනවා.

May be an image of 1 person and text

May be an image of 1 person, smiling, car and text that says 'RONIN'

May be an image of 1 person and smiling

No photo description available.

No photo description available.