උණුසුම් පුවත්
Search
sheshadrie

”අක්කිගෙ බබා නළවද්දී මටත් මේ වගේ දරුවෙක් ලැබෙනවා නම් කියලා හිතුණා” – මව් පදවිය ලැබූ ශේෂාද්‍රි කියන කතාව

2659

ප්‍රියසාද් පවුල කියන්නේ ලංකාවේ මේ වෙද්දි බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධියක් උසුලන කලා පවුලක්. ඉතින් මේ පවුලේ දෙවැනි දියණිය තමයි කවුරුත් හඳුනන ශේෂාද්‍රි ප්‍රියසාද්. ඇය හරිම සුන්දර රූ සපුවකට උරුමකම් කියන තැනැත්තියක්. පවුලෙන් සුන්දරන යුවතිය ඇය කිව්වත් වරදක් නෑ. පෞද්ගලික ජීවිතේ හැලහැප්පීම් රැසකට මුහුණ දීලා තිබුණු ඇය ගැන ආයෙත් කතාබහක් මතුවෙලා. මොකද ඇය ටිකක් නිහඬ චරිතයක්. මේ දිනවල ශේෂාද්‍රි පිළිබඳව වැඩි වශයෙන් අවධානය කතා කරන්නේ ඇය ආදරණීය දියණියකගේ මවක් වූ නිසයි.

7 5

ඉතින් මේ දිනවල ගත කරන ජීවිතය සම්බන්ධයෙන් ශේෂාද්‍රී කියන්නේ මේ විදියට…

“මට මොන ප්‍රශ්න ආවත් සතුටෙන් ඉන්න තමයි බලන්නේ…. මෙතෙක් ජීවිතේ මට තිබුණු අත්දැකීම් එක්ක ඉගෙන ගත්ත දෙයක් ඒක. මිනිසුන්ට ප්‍රශ්න එනවා, ඒත් ඒව මත්තෙම ඉන්න ඕනේ නැහැ…. මොන ප්‍රශ්නයක් ආවත් ඒ ඉදිරියේ හිනා වෙලා ඉන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්”

5 9

ඔව් ඇත්තටම මිනිස්සුන්ට ජීවිතේ විවිධ ආකාරය ප්‍රශ්න එනවා ඒ සියලුම දේට අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය කියන්නෙ. ශේෂාද්‍රිටත් ඒ විදිහට ආදරය කියන තැන් වලදී විවිධ ආකාරයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇයට පළමු විවාහ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්නේ නැති එක ඒ අතරින් මූණ දීපු ගැටලුවක්. ඒ කෙසේ වෙතත් පසු කාලීනව ඇයට ආදරේ කරන ආදරණීය චරිතයක් හම්බවුණා. ඔහු සංගීත ක්ෂේත්‍රයත් එක එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන දක්ෂ කලාකරුවෙක්. වෘත්තියෙන් බැංකු ක්ෂේත්‍රයේ රැකියාව කරන ඔහු නමින් ක්‍රිෂාන් පෙරේරා.

9 7

කුළුදුල් දරු පැටියත් එක්ක ගත කරන මේ සුන්දර ජීවිතය ගැන ශේෂාද්‍රි කිව්වේ මේ වගේ කතාවක්…..

“මම මවක් වෙන්න යන්නේ කියලා දැන ගත්තහම ලොකු සතුටක් ආවා. මොකද අක්කිගෙ බබා නළවද්දී මටත් මේ වගේ දරුවෙක් ලැබෙනවා නම් කියන දේ මගේ හිතට ආවා. මේක ජීවිතේ ලොකු වෙනසක්…. ඒ වගේම ලොකු අභියෝගයක්…. ඒ අලුත් ජීවිතයට හැඩගැහෙමින් දැන් ඉන්නේ. එදාට වඩා ටිකක් ජීවිතය වෙහෙසයි. ඒත් ඒ වෙහෙස සුන්දරයි. දැන් ජීවිතය මුල්තැන බබාට…. එයා ලැබුණට පස්සේ තවම කොහෙවත් අපි ගියෙ නෑ…. එයාගෙ ජීවිතය අනුව තමයි අපිත් හැඩ ගැහෙන්නේ….”

ඉතින් ඇය අලුතින්ම ගත කරන මේ සුන්දර ජීවිතය ගැන ඒ විදිහට තමයි අදහස ඉදිරිපත් කරලා තිබුණේ.

image 306
image 307
image 308
4 3
12 1



Leave a Reply

Your email address will not be published.