උණුසුම් පුවත්
Search
raveen

”කෙල්ලෙක් දැක්කම නම් ආසයි, ඒත් කොලුකම කියන දේ මට තිබුණෙ නෑ” – රවීන් කියන අමුතු කතාව

564

රියලිටි තරඟාවලි හරහා කලා ලෝකයට පායපු බොහෝ තාරකාවන් අද වෙද්දි ක්ෂේත්‍රයේ ප්‍රකට කලාකරුවන් බවට පත්වෙලා. ගායන තරග වලින් ආපු බොහෝ ගායක ගායිකාවන් අද වන විට රංගන ශිල්පීන් ශිල්පිනියන් විදිහටත් කලාවෙ කැපී පෙනන දක්ෂතාවයන් දක්වන එක අද අහම්බයක් නෙවෙයි.

ඉතින් ඒ විදියට දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ අවසන් වටය දක්වා තරග කරපු අපූරු තරඟ කාරයෙක් තමයි රවීන් කණිෂ්ක කියන්නේ. රවීන් කියනවාටත් වඩා ඔහුව ගොඩක් දෙනෙක් දන්නේ දෙවැනි ඉනිමේ ”අනුහස්” කියපුහමයි. ගායකයෙක් විදිහට කලා ලෝකයට ආපු ඔහු දෙරණ නාළිකාව හරහා රංගන ශිල්පියෙක් විදියටත් ප්‍රේක්ෂකයන් අතරට ආවා.

image 324

මේ විදිහට රවීන් කියන චරිතය රංගන ශිල්පියෙක් විදියට ප්‍රසිද්ධ වුණේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය නිසයි. ගායනයටත් වඩා අද වන විට ඔහුට අවස්ථා ලැබිලා තියෙන්නේ රංගනයටයි. නමුත් ගායනය පැත්තෙනුත් සංගීත වැඩකටයුතු එක්ක රවීන් එකතු වෙලා ඉන්නවා. ඔහු කලාව තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න බොහොම මහන්සි වෙච්චි කෙනෙක්

image 325

. ඒ අතරතුරේ දී නොයෙකුත් දෙනාගේ විවිධ විවේචන වලට විවිධ කට කතාවන් වලටත් ලක්වුණු වාරත් අනන්තයි. ඉතින් ඒ විදිහට ආපු ඒ ගමන් මඟ තුළ රවින්ගෙ මෙතෙක් නොඇසූ ජීවිතයේ එක්තරා පැතිකඩක් තියෙනවා. ඒ පිළිබඳව ඔහු එක්තරා සංගීත වැඩසටහනක් අතරතුර දී අදහස් දැක්වූයේ මේ විදිහටයි.

image 319

“මම හැමදේකින්ම මුළු ගැන්විලා සයිඩ් ගහලා හිටපු කෙනෙක්…. මෙලොව රහක් නෑ…. අඩුම තරමේ කෙල්ලෙක් වත් ඉඳලා නැහැ. කෙල්ලෙක් දිහා බලලා කතා කරන්නෙත් නැති, එහෙම හයියක් නැති ඒ වගේ දෙයක්වත් කරන්න ලැජ්ජ හිතුන, සද්ද වහලා ඉන්න චරිතයක් මම…. කෙල්ලෙක් දැක්කහම ආසයි, ඒත් ගිහින් කතා කරන්න ඒ කැමැත්ත පෙන්නන්න කොලුකම කියන දේ මට ඒ කාලේ තිබුණෙම නැහැ. ඒ කෑල්ල මට ඒ කාලේ මිස් වුණා. “

image 320

”අඩුම තරමේ මම ලියුමක් ලියලාවත් අදහස ප්‍රකාශ කරන්න තරම්වත් හිතපු නැති කෙනෙක්. කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හිතුනත් ඒ හැමදේම ලැජ්ජාව නිසා යට ගියා…..”

නමුත් අද වන විට නම් ඔහු හැමෝමත් එක්ක කතා කරන සමාජශීලී කලාකරුවෙක් බවට පත්වෙලා. ඒ වෙනසත් හරිම පුදුමයි කියල තමයි ඔහු සඳහන් කරන්නේ.

image 321
image 322
image 323



Leave a Reply

Your email address will not be published. Required fields are marked *