උණුසුම් පුවත්
Search
senali

”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා

230

පහුගිය කාලයේ ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුන ටෙලිනාට්‍ය කලාව වෙනස්ම මානයකට අරගෙන ගිය ගොඩක් සුන්දර ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනියේ විකාශනය වුන ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය. වෙනස්ම කතා තේමාවක් තුලින් වගේම සීමිත කොටස් සංඛ්‍යාවක් සහිතව විකාශනය වුන මෙම ටෙලිනාට්‍ය ලංකාවේ වැඩිම පිරිසක් නැරඹු ටෙලිනාට්‍ය බවට පත්වුනා. කොහොම වුනත් මේ වනවිට නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය විකාශනය වෙලා අවසන්. ඉතින් මේ කතාබහ මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත සරාගේ සුදු චූටි එක්කයි. ඇය තමයි ජනප්‍රිය නිලි සෙනාලි ෆොන්සේකා…

image 208

සෙනාලි මේ වනවිට ඉන්නේ ලංකාවේ නෙවෙයි නේද… දැම්ම ලංකාවට එන්නේ නැද්ද?

‘දැන්ම එන්න වෙන්නේ නෑ… තව ටික කාලයක් එංගලන්තයේ ඉන්නවා… තාත්තා නැති වුනාට පස්සේ මෙහෙ ගෙවල් දොරවල් බලන්නත් බැරි වුනා. අම්මත් ටිකක් අසනීපෙන් නේ ඉන්නේ… ඒ නිසා වැඩ ටිකක් ඉවර වුනාම ලංකාවට එන්න තමයි හිතාගෙන ඉන්නේ…..”

image 209

සෙනාලි ඔයාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් එහෙමත් එංගලන්තෙට ආවම වැඩිපුර ගෙනියනවද ?

”අනිවාර්යෙන්ම, ලංකාවට අලුතෙන් එන විලාසිතා ගොඩක් මාස ගානකට කලින් එංගලන්තෙට එනවා…. ඒක ගොඩක් සාමාන්‍ය දෙයක්, රටවල් දෙකක හිටියත් කොච්චර විලාසිතා දැක්කත් මම හැමදාම විලාසිතා කරන්නේ තෝරා බේරාගෙන, මට ගැලපෙන දේවල් විතරයි මම කරන්නේ…”

image 205

විලාසිතා වලින් කෙනෙක් මනින්න පුලුවන්ද ?

”කීයටවත් බැහැ, උදාහරණයක් විදියට රංගන ශිල්පිනියක්ම ගන්නකො…. ඉතින් ඇයගේ වෘත්තීය අනුව එයාට එක එක විලාසිතා කරන්න වෙනවා. ඉතින් ඒ වගේ අවස්තාවක ඇඳුමකින් කෙනෙක් මනිනවා කියන එක ලොකු අසාදාරනයක්….

image 207

කොටට ඇන්දා කියලා ඇඟ පොඩ්ඩක් පේන ඇඳුමක් ඇන්දා කියලා එයා නරක කෙනෙක් කියලා අපිට එයාව හංවඩු ගහන්න බෑ, අපි මිනිස්සු මනින්න ඕන ගතිගුණ වලින්…”

image 206



Leave a Reply

Your email address will not be published.