උණුසුම් පුවත්
Search
Untitled design 46

” මම ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්තු වෙලේ එයා හැසිරුනේ හරිම සංවේදීව, කඳුළු එක්ක මං දිහා බැලුවා ” – ශේෂාද්‍රි ප්‍රියසාද්

588

ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළ කලා පවුල් ගැන බොහොමයක් කතා වෙනවා . ඒ අතරින් ගොඩක් ජනප්‍රිය කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු නිෂ්පාදකයකු ලෙස ප්‍රචලිත දිනේෂ් ප්‍රියසාද් මහතාට දාව ආදරණීය දියණියන් තිදෙනෙකු සිටිනවා. ඔවුන් තිදෙනාම ශ්‍රී ලාංකීය රූපවාහිනී ළමා කර්මාන්තය තුළ ප්‍රබල චරිත.

අද අපි කතා කරන්න යන්නේ පවුලේ මද්දුමයා ලෙස උපත ලැබූ හැඩකාර ශේෂාද්‍රි ප්‍රියසාද් ගැනයි. පළමු විවාහයෙන් වෙන්වීම කාලයක් දුෂ්කර ජීවිතයක් ගතකල ද ඇය මේ දි ආදරණීය දුවකුගෙ මවක්. ඇගේ සහකරු ඇයට මුණගැසුනු ආකාරය හරිම රසවත්.

Sheshadri Priyasad in October 2021

ශේෂාද්‍රි ප්‍රියසාද් ඇගේ අක්කාගෙ දැන හැඳුනුම්කම මතයි ක්‍රිශාන් ඇයට පළමු වතාවට මුණ ගැහෙන්නේ, ඔහු සංගීත ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයෙක්. අක්කාගෙ හොද යාලුවෙක්.. ඒ නිසා අක්කා ඇයව නංගිට හඳුන්වලා දෙනවා ඒ හඳුන්වා දීම පසුකාලීනව නෑකමක් බවට පරිවර්තනය වෙන්න තරම් ප්‍රබල හමුවීමක් වෙනවා.

මේ වන විට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඇය දැන් ආදරණීය අම්මා කෙනෙක් . ඔවුන්ගේ ජීවිතයට පුංචි දුව ආවා කියලා සහකරු දැනගත්ත වෙලාවේ ඔහු හැසිරුණු ආකාරය පිළිබඳ ඇය පවසා තිබුණේ මේ අයුරින්.

sheshadri18gossiplankanews

” මට මුලින්ම පොඩි පොඩි වෙනස්කම් ඇඟට දැනුනා මම එච්චර ඒ ගැන හිතන්නේ නැතුව home test එක කරා එදා ඒයත් ගෙදර හිටියා රිසල්ට් දැක්කම මට හිතා ගන්න බැරි වුනා. ටික වෙලාවක් ඉඳලා මං කිවුවා. එයා ගොඩක් සංවේදී මනුස්සයෙක් . එයා ඒ ඒක අහලා ගොඩක් සතුටු උනා එයාගේ ඇස් දෙක පිරෙන්න කඳුළු .”

ඔන්න ඔය විදියට තමයි දෙන්නගේ ජීවිතේ සුන්දරම අවස්ථාව විද ගත්තු ආකාරය. හෙළිකර තිබුණෙ පස්සේ අම්මා ටයි තාත්තටත් කෝල් එකක් අරගෙන මේ සුබ ආරංචිය කියන්න ඇය අමතක කළේ නැහැ. ඇගේ පුංචි පවුලට වාසනාවන්ත සුභ අනාගතයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

60810814 1257555814444836 4665614113127268352 n