උණුසුම් පුවත්
Search
Untitled design 43

” ෂූටින් කරලා එලියට එද්දි මට කසාදෙකුත් හරි ගිහින් ” – අංජුමාලා

156

හරිශි අංජුමාලා කියන්නේ පුංචි තිරයේ අපි කවුරුත් ආදරය කරන දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ වගේම තමයි ඇය රංගනයට මෙන්ම නිවේදනයටත් නර්තනයටත් එකසේ දස්කම් පානවා.ඉතාමත්ම කෙටි කාලයක් තුළදී රසික ආකර්ෂණය දිනා ගන්නට සමත් වූ ඇය පසුගිය දිනකදී එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්චාවක දී පවසා සිටියේ මෙවැන්නක්.

124541544 828940524583927 8551877443967696760 n

” මුලින්ම මේ ලැබුවා වූ 2022 අවුරුද්ද නිරෝගිමත්, සුබම සුබ වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ අලුත් නිර්මාණ කිහිපයකටම දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මගේ තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක්. අපි ඉන්නේ රත්නපුරේ. මගේ කලා කටයුතු නිසා මායි, අම්මයි ඉන්නේ කොළඹ. මම මේ වෙනකොට ජාතික රූපවාහිනියෙ නිවේදිකාවක් වශයෙන් සේවය කරනවා.ඒ වගේම තමයි මම නර්තනයටත් ගොඩක්ම කැමතියි.මං පාසල් යන කාලයේ උඩරට නර්තනය හැදෑරුවා.ඊට පස්සේ පාසල් ගමන නතර වීමත් සමඟ නර්තන කටයුතු මග හැරුණා.මේ දවස් වල නම් මං මගේ උපරිම මහන්සිය යොදවන්නේ මගේ අධ්‍යාපන කටයුතු සඳහා.

101915509 150619373290174 8167309418973298588 n

පුංචි කාලේ මම ජපානයට යන්න ලොකු හීනයක් තිබුණා. ඒ නිසා මම පුංචි කාලේ ඉඳන් භාෂා ඉගෙන ගත්තා. ජපන් භාෂාව පවා ඉගෙන ගත්තා. ඔය අතරේ ලිට්ල් ස්ටාර් තරගයටත් මම ඉදිරිපත් වුණා.ඒ හරහා මට මාධ්‍ය එක්කත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි මට රංගන ශිල්පිනියක් වීමේ හීනයක් තිබුණේ නැහැ. මගේ ආදරය ගැන කතා කළොත් ඇත්තටම මේ අවුරුද්දේ මම විවාහ වෙන්න හිටියේ.නමුත් රටේ පවතින වසංගත තත්ත්වයත් එක්ක මගේ විවාහය කල් දාන්න මට සිදුවුණා.විවාහය කියන්නේ අපි හැමෝම දකින සුන්දර හීනයක්.ඉතින් අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලොවක්ම මේ වසංගතය නිසා පීඩා විඳිනවා.ඉතින් අපේ වෙඩින් එක කල් ගියාට දුක් වෙන්නේ නැහැ.

118865821 778097006334946 7826966661990948117 n

එයාව මට මුණ ගැහුණෙ විවාහ යෝජනාවකින්.මම රඟපෑ ‘නොමැකෙන මතක’ කියන නාට්‍යයේදී ෂූටින් කරපු ගෙදර අයිති එයාගේ ආච්චිටයි. රූගත කිරීම් කරන අතරතුරේ දී ඒ ආන්ටි අපේ අම්මා එක්ක කතා කරමින් ඉඳිද්දී තමයි මේ විවාහ යෝජනාව කරලා තිබුණේ. මම shooting කරලා එළියට එද්දී මට විවාහ යෝජනාවකුත් ඇවිත් තිබුණා. ඒ වෙද්දිත් එයා හිටියේ ඕස්ට්‍රේලියාවේ. එයා මාව බලන්න ලංකාවට ආවා. දැන් අපි මුණගැහිලා අවුරුදු දෙකකටත් වැඩියි.”

යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් මේ නව වසරේ ඇගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

45235959 1463012030509838 7071728588474548224 n