ටනාශා සතරසිංහ කියන්නේ කලා ක්ෂේත්රයේ දිනූ දක්ෂ කලාකාරිනියක් විදියට ප්‍රේක්ෂකයන් හමුවට ආපු සුන්දර රංගන ශිල්පිනියක්. ඇය නීල පබලු ටෙලි නිර්මාණය හරහා තමයි ප්‍රේක්ෂකයන් හමුවට ආවේ. එනිසාම ප්‍රසිද්ධ වෙච්ච ඇය පසුගිය දවසක සමාජ මාධ්‍ය ජාල උණුසුම් කරමින් බොහෝ දෙනෙක් අතර තව තවත් ප්‍රසිද්ධ වුණා. ඒ ඇයගේ විවාහයත් සමඟ.
නමුත් යළිත් ඊයේ පෙරේදා සිට ඇය ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ ඊයේ දින කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය විසින් ඇය කළ වැරැද්දකට දඬුවමක් නියම වීමත් සමඟයි. මේක අධිකරණ තීන්දුවක් විදිහට තමයි නිකුත් වෙලා තියෙන්නේ. ඇයට අධිකරණ තීන්දුවක් නිකුත් වෙන්නේ ඇය වෙසෙන් මිත්තනියගේ දේපල ලියාගෙන ඇයට නොසලකා හැරීම සම්බන්ධයෙන්.
දේපල ලියා ගත්තට පස්සේ ගෙදර වාහනේ පිළිසකර කරන්න ඕනි යැයි කියා ඇය මිත්තණියට ගෙදරින් ටික දවසකට යන්න කියලා. හැබැයි ඊට පස්සේ ඈ හිටියද නැද්ද කියලවත් බලන්න ටනාෂා කෝල් එකක්වත් දීලා නැහැලු. ඒ වගේම තමයි මිත්තණිය සඳහන් කරන ආකාරයට ඇය තමන්ගේ ප්‍රාණ භුක්තිය තබා ගෙන ඉතිරි කොටස ඇයට පවරා තිබුනත් ඇයගේ මේ අකාරුණික හැසිරීම් රටාව නිසා කලකිරී මේ ආකාරයෙන් ඇයට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරනවා.
ඊට පස්සේ අධිකරණ විනිසුරුවරිය මිලියන 5 ක වන්දියක් ද නිවස යළි පවරා දෙන තෙක් මාසෙකට රුපියල් තිස්දාහකට බැගින් මිත්තණියට ගෙවිය යුතු යැයි ද මේ නිළියට නියෝග කළා. ඉතින් මේ විදිහට පුවත්පත්වලත් සමාජ මාධ්‍ය තුළත් හුවමාරු වෙන පුවත සාවද්‍ය පුවතක් බවට තමයි ඇය පුන පුනා සඳහන් කළේ.
ටනාෂාගේ පොස්ටුවකට ඇගේ මව ”සතුට බලන් ඉන්න බැරි ඉරිසියාව පුළුවන් තරම් අපිව වට්ටන්න දැඟළුවා… ළමයි පොඩි කාලේ ඉඳන්, දැන් ඒ ළමයගේ සතුට දරාගන්න බැරි ඉරිසියාව.”යනුවෙන් කමෙන්ට් එකක් එකතු කරල තිබුණු අතර ඒකට පිළිතුරු වශයෙන් ටනාෂා,
“අනේ කමක් නෑ අම්මේ, පොඩි කාලේ හදපු කතා එක්ක ඕව මොනවද…. ඒ කාලෙට වඩා දැන් ශක්තිමත් මං ඕවා ගණන් ගන්නේ නෑ, ඔයාලා ගණන් ගන්න එපා” යනුවෙන් අදහසක් ඉදිරිපත් කරලා තිබුණා.ඒ වගේම ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට
“මිනිස්සු ගල් ගහන්නේ වට්ටන්න පුළුවන් සීමාවේ දී පමණයි. ඔබ සීමාව පසුකර ඉදිරියට ගියවිට දේ ගල් ගැසූ හැමෝම නරඹන්නන් වේවි එතෙක් පරිස්සමෙන් ඔබ ඔබේ ගමන යන්න” යන ආකාරයේ සටහනක්.