ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙක් විදියට කසුන් රාජිතව පෙන්වා දෙන්න පුලුවන්. අඩි 06යි අගල් 02ක් උස කසුන් මේ විදියට ක්‍රීඩාව තුළ සාර්ථක වුණේ ඔහුගේ විවාහයත් සමග බවයි බොහෝ දෙනා කියන්නේ.
කුඩා කාලයේ ඉදලම ක්‍රිකට් ක්‍රීඩාවට හරිම කැමැත්තෙන් හිටපු කසුන් රාජිතට ගෙදරින් කිව්වේ ඉගෙන ගන වැඩත් එක්ක ක්‍රිකට් කරන්න කියලා. ඉතින් ගෙදර අධ්‍යාපනික පසු බිමක් තියෙන කසුන් රාජිතගේ අම්මා හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක්, පියා ග්‍රාම නිලධාරි කෙනෙක්. අයියයි නංගියි දෙන්නම උපාධිදාරීන්.
මේ විදියට පොඩි කාලේ ඉදලම ක්‍රිකට් කරන කසුන් රාජිතට ඔහුගේ පෙම්වතිය මුණ ගැහෙන්නේ යාලුවෙක් හරහායි. ඒ විදියට හදුනගෙන ආදර සම්බන්ධයක් පටන් ගන්න කසුන්ගේ අත ගන්නේ චමත්තී. ඉතින් මේ ආදරණීය බිරිද කසුන් ගැන පුවත්පතකට කිව්වේ මේ වගේ අදහසක්.
”අපි දෙන්නා මුණ ගැහෙනකොට කසුන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කලේ නෑ. මට තේරුණා එයා පාඩුවෙ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න නිවුණු කෙනෙක් කියලා. ඉතින් එයා මගෙන් ඇහුවම මම කිව්වා අපේ ගෙදරින් අහන්න කියලා. මම ක්‍රීඩා වලට කැමති වෙලා හිටියෙ නෑ. එයා එක්ක යාලු වුනාම තමයි ක්‍රිකට් බැලුවෙ…..
මට රහට උයන්න බෑ. නමුත් මම මොනවා ඉව්වත් කසුන් රහයි කියලා කනවා. එයා හරිම හොද කෙනෙක්. ඒ වගේම තීරණයක් ගත්තොත් ගත්තම තමයි. මම හිතන්නේ එයා මගේ පෙර පිනකට ලැබෙන්න ඇති. එයාගේ ක්‍රිකට් වලට ගොඩක් ප්‍රශ්න ආවත් ඒ හැමදේටම එයා මුහුණ දුන්නා. ඒවා ගැන සතුටුයි….”