උණුසුම් පුවත්
Search
bus

පා පුවරුවේ ගමන්ගත් දෙදෙනෙකුට ජීවිත අහිමි කළ බස් රථයට ගම්වාසීන් කළ දේ

143

ගම්පොල, කාච්චමලේ වීඩන් ප්‍රදේශයේදි බස් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන අතර පසුව ප්‍රදේශවාසීන් එම බසය ගිනි තබා තිබෙනවා.

ගම්පොල, කාච්චමලේ වීඩන් ප්‍රදේශයේ දියි බස් රථය අනතුරකට ලක්වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලයික බස් රථය ගමන් ගත් බවත් රථය මාර්ගයෙන් ඉවතට පැන පැති බැම්මට හේත්තු වීමත් සමග පාපුවරුවේ ගමන් කළ දෙන්නෙකු ඊට සිරවීමෙන් මියගොස් ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 80 දෙනෙකු පමණ අධික පිරිසක් ගමන් කොට ඇතැයි ද සඳහන්.

මේ දින වල පවති පොදු ප්‍රවාහන ගැටලු හේතවෙන් බස් රථයේ දොරේ එල්ලී පැමිණ ඇති ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනා නිකරුනේ මියයාම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් වරද පටවා ඇත්තේ රියදුරුටයි.

ඔහු අනතුරින් පසු ගුටී කා ඇති අතර පසුව බස් රථයට ගිනි තැබීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබේ.

ගිනි තැබීම නිසා බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

image 177
image 178
b1f36521 3ab2 4425 b97e aa47b911a931



Leave a Reply

Your email address will not be published.