රටම හඳුනන කලා තරු යුවලක් විදියට සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ හඳුන්වා දෙන්න පුළුවන්.
සංගීත් නම් කලක් ක්ෂේත්රයේ රැඳී සිටි අතර දිනී නම් කලාවට තවමත් අලුත් කෙනෙක් කිව්වොත් වරදක් නෑ. ඒ නමුත් දිනී ගැන දැන් නම් නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරමට ඇය ප්‍රසිද්ධයි. මෙම යුවලගේ පෙම් සම්බන්දතාව ගැන සමාජගතවීමත් එක්ක බොහෝ දෙනා අතර ඔවුන් ප්‍රකට වුණා.
ඉතින් දිනීට තියෙන සුන්දරත්වය නිසා තවත් ඇය ප්‍රසිද්ධයි කිව්වොත් වරදක් නෑ.
ආදරය වගේම ඇතැම් විට චෝදනා ලබන ඔවුන් ඒ කිසිවක් මායිම් කරන්නේ නෑ.
වෘත්තිමය වශයෙන් ගුවන් සේවිකාවක් වෙලා හිටපු දිනී දැන් නම් එම වෘත්තියෙන් සමුගෙන ඉන්නේ.
සමාජ මාධ්‍ය නිසා මොවුන් වඩාත් ප්රකටයි.
ඉතින් දිනීට ඊයේ දවස සුවිශේෂී එක්ක. ඒ ඇයගේ උපන්දිනය යෙදී තිබීම.
ලහි ලහියේ විවාහයට සූදානම් වන අතරේ දිනීගේ දවස ලස්සන කරන්න සංගීත් අමතක කර නැහැ.