උණුසුම් පුවත්
Search
maithreepala

”මම ජනපති කළෙත් මාව නැති කළෙත් සමාජ මාධ්‍යයි” – හිටපු ජනපති මෛත්‍රී

65

තමා ජනපති ධුරයට පත් කළා සේම ධූර කාලය අවසන් වීමට තිබිය දී තම ප්‍රතිරූපය නැත්තටම නැති කර දැමීමට ද තරම් සමාජ මාධ්‍ය ප්‍රබල වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර සිටිනවා.

ආණ්ඩු සෑදීමට මෙන්ම, ආණ්ඩු පෙරළා දැමීමට ද සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි හේතු වන බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පෙරේදා (අගෝ. 10) වේබ් අඩවියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් හිටපු ජනපති මේ බව සඳහන් කර සිටියා.

පසුගිය මැයි 9 වනදායින් ආරම්භ වූ අරගලය පවා කිසිදු නායකයෙකු නොමැතිව එතරම් ශක්තිමත්ව නැගී සිටියේ සමාජ මාධ්‍ය නිසා බව ද ඔහු පැවසුවා.

මේ රටේ දහස් ගණනක් වූ තරුණයන්ගේ අත තිබූ ජංගම දුරකතන වල බලය හේතුවෙන් මේ රටේ පාලකයාට පවා රටින් පිට වී යාමට සිදු වූ බව හිටපු ජනපතිවරයා අවධාරණය කරනු ලැබුවා.

අතේ කිසිදු මුදලක් නොමැතිව එදා රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා බවට පත් වූ දා පටන් ම විවිධ පාර්ශ්ව සමග ගිවිසුම් වලට එළැඹුණ ද බලවේගයක් බවට පත්ව රාජ්‍ය නායකත්වයට පත්වීමට ඉවහල් වූයේ සමාජ මාධ්‍ය යැයි ඔහු කියා සිටියා.

පාස්කු ප්‍රහාරයෙන් පසුව බින්දුවටම ඇද වට්ටවා රටට එපාම කළ මිනිසෙකු බවට තමා පත් කළේ ද එදා බලයට පත්වීමට හේතු වූ සමාජ මාධ්‍ය විසින්ම බවත් ඔහු මෙහිදී සිහිපත් කළා.

තම ආණ්ඩු සමයේ පැවති ජනාධිපති මාධ්‍ය අංශයේ බොහෝ නිලධාරීන් හොඳින් කටයුතු කළ ද දුර්වලතා රාශියක් පැවති බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළ අතර යහපාලන සමයේ කිසිදු මාධ්‍යවේදියෙකුට තර්ජනය කර නැතැයි ද ඔහු පැවසුවා.

2015 වසරට පෙර මෙරට පැවති ආණ්ඩු හා සැසඳීමේදී එම කාල වකවානුවේ දී කෙතරම් මාධ්‍යවේදීන් රට හැර ගියා ද, මිය ගියා ද යන්න සහ අතපය කඩා ගෙන තුවාල ලැබුවා ද යන්න සිතා බැලිය යුතු බවත් හෙතෙම පැවසුවා.

තම ආණ්ඩු සමයේ කිසිවෙකුටත් තුවක්කුවක උණ්ඩයක් එල්ල නොකළ බව ද ඔහු අවධාරණය කරනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published.