ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී කාජල් රංගනයෙන් දායකවන නවතම රූපවාහිනී කතා මාලව The trail ප්‍රවර්ධනය කිරීම සදහා පවත්වපු රූපවාහිනී වැඩසටහනක දි ඇය කරපු ප්‍රකාශයක් ගැන සමාජ මාධ්‍ය තුළ මේ වෙද්දි ආන්දෝලනාත්මක අයුරින් කතාබහට ලක්වී තිබෙනවා.
එනම් දේශපාලන නායකයින්ට හරි හමන් අධ්‍යාපනික පසුබිමක් නැතිකම ගැන කාජල් විසින් පැවසීමයි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා කාජල්ව විවේචනය කිරීමට පටන්ගෙන තිබෙන අතර විවිධ සමාජ ක්‍රියාකාරිකයින් කාජල් නිවැරැදි යැයිද පවසමින් ඇය වෙනුවෙන් පෙනී සිටිනවා.
රූපවාහිනී වැඩසටහනේදි ඇය ප්‍රකාශ කරන්නෙ “ඔබට අධ්‍යාපන පසුබිමක් නැති දේශපාලන නායකයන් ඉන්නවා. ඔබව වගේම මාවත් පාලනය කරලා තියෙන්නේ නූගත් නායකයින්… මම එළියට ගිහින් ඒක කියන්නයි යන්නේ” යනුවෙනි.
ඇයගේ මෙම ප්‍රකාශය ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වුන අතර ඇතැමුන් ඇයව විවේචනය කළේ විධිමත් අධ්‍යාපනයක් නොතිබූ දේශපාලනඥයන් ධනාත්මක වෙනසකට ඇති මාර්ග බාධක ලෙස ඇය හුවා දැක්වීම ගැනය. කෙසේ වෙතත් තවත් පිරිසක් ඇයට සහය පළ කළේ අධ්‍යාපනය ජාතිය ඉදිරියට ගෙන යන බව පෙන්වා දෙමිනි.
මේ සම්බන්ධයෙන් කාජල් ටිවිටර් පණිවිඩයක් යොමු කරමින් ප්‍රකාශකලේ “මම අධ්‍යාපනය සහ එහි වැදගත්කම ගැන කරුණු ඉදිරිපත් කළා පමණයි. මගේ අභිප්‍රාය වූයේ කිසිදු දේශපාලන නායකයෙකු පහත් කිරීම නොවේ. රට යහමගට ගෙන යන විශිෂ්ට නායකයන් කිහිප දෙනෙක් අපට සිටිනවා” යනුවෙනි.