උණුසුම් පුවත්
Search

වෙල්ගමට දැන් සනීපයි – යළිත් ක්‍රියාකාරී දේශපාලනයට

55

මැයි 09 වැනිදා කලහාකාරී සිද්ධි අතරතුර රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නැවත දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වී සිටියි.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (15) පැවති රැස්වීමකට ද ඔහු සහභාගී වී සිටින අයුරු දැකගත හැකි විය.

එම රැස්වීමට සමගි ජනබලවේගය නියොජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් ඇතුළු පිරිසක් ද එක් වී සිටියහ.

අසනීප තත්ත්වය තත්වය උග්‍ර වීමෙන් කුමාර වෙල්ගම දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලැබීය.

අංජුල මහික වීරරත්න

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.