උණුසුම් පුවත්
Search
nithya

”කසාද බදින එක මට සෙල්ලමක් නෙමෙයි” – නිත්‍යා දේවින්දි

230

2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලිය හරහා කලාවට ඇවිත් අද වන විට ජනතාව ආදරේ කරන කලා තරුවක් වෙන්න වාසනාවන්ත වුණු ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී නිත්‍යා දේවින්දි. පසුගිය දා සම්මානයක් සදහා නිර්දේශවීමත් එක්ක හැමෝම ඇය ගැන කතා කරන්නට වුණා.

image 21

‘පාර දිගේ ‘ ටෙලිනාට්‍යයේ මේ දිනවල හැමෝම බලන් ඉන්නේ සරණි සහ රෙහාන්ගේ ආදර කතාව ගැනයි. ඉතින් මේ ආදර කතාවට නැන්දම්මගෙන් සහ නෑනගෙන් එන බාහිර බලපෑම් ගැනයි හැමෝගෙම අවධානය යොමු වෙන්නේ. ඉතින් නිත්‍යා දේවින්දි කියන්නේ මේ වන විට විවාහ වෙලා සිටින කෙනෙක්.

image 20

ඇය සදහන් කරන ආකාරයට ඇයට කලා ක්ෂේත්‍රය තුල යන ගමනට කිසිම කෙනෙකුගේ සහයෝගයක් ලැබුණෙ නෑ. ඇගේ අම්මගේ සහ සැමියගේ සහයෝගය ඇතුව තමයි නිත්‍යා දේවින්දි මේ ගමන ඇවිත් තියෙන්නේ….. ඉතින් ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

image 18

”මම ගොඩක් තැන්වලදි පළවෙනියා වෙලා නෑ. ඉස්කෝලෙ යන කාලේ කවදාවත් පන්තියේ පළවෙනියා වෙලා නෑ…. මම අවසානේ හිටපු කෙනෙක්. මගේ විවාහය අහම්බයකින් ගත්ත තීරණයක්. ඉවෙන්ට්ස් වලට මට ආරාධනා කරලා හරි නෑ කියලා ගියේ. ඊට පස්සේ ඒ කතා බහ දුර දිග ගියෙ. මට නම් කසාද බදින එක අහම්බයක්වත් සෙල්ලමක්වත් නෙමෙයි…. මොකද අපි ගම් වල හැදුන සාමාන්‍ය පවුල් වල මිනිස්සු.”

image 19