අපේ රටේ කලා ක්ෂේත්රයේ නමක් දිනා සිටි නමුත් මේ වන විට නිහඬව සිටින චරිත කිහිපයක් ගැන යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.
මේ පිරිස අතර රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් ඇතුළු පිරිසක් සිටිනවා.
කෙසේ නමුත් මොවුන්ගේ ඉපැරණි ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසයි යළිත් ප්‍රේක්ෂක අවදානය මීට යොමුව ඇත්තේ.
ඒ අතර රංගන ශිල්පිනි කාංචනා මෙන්ඩිස්, ගායිකා උරේෂා රවිහාරි, ශෂී පබා සන්දීපනී, ගායක රොමේෂ් සුගතපාල, ගායක සන්තුෂ් වීරමන්, නිවේදක නාරද බක්මීවැව, සංගීතා වීරරත්න ඇතුළු ප්‍රකට පිරිසක් සිටිනවා.
මෙහි නම් සඳහන් ඇතැමුන් මේ වන විට විදෙස්ගතව ජීවත්වන පිරිසකි.
පහතින් සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ මංගල දිනයන්හි ලබාගත් ඡායාරූප පෙළකි.






