උණුසුම් පුවත්
Search

”සාරියක් ඇන්දොත් අනිවාර්යෙන් වැටෙනවම තමයි” – ෂෙරිල් ඩෙකර්

667

රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම නර්තන ශිල්පිනියක ලෙසත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කෙනෙක් තමයි ෂෙරිල් ඩෙකර් කියන්නේ.

ඒ වගේම මේ වනවිට ෂෙරිල් ව්‍යාපාරිකාවක ලෙසත් ගොඩක් ජනප්‍රියයි. ඒ ඇයගේ රූපලාවන්‍ය කටයුතුත් සමඟ.

ඒ වගේම ලංකාවේ හැමෝම ආදරේ කරන ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි සමග විවාහ වෙලා ඉන්න ෂෙරිල් දැන් තරමක් නිහඬ චරිතයක් වෙලා. ඉතින් මේ ෂෙරිල් එක්ක කළ ඇයගේ විලාසිතා ගැන කතාබහක්.

ඔබ විලාසිතා කරන්න ගොඩක් ආස කෙනෙක් නේද?

”අම්මෝ ඔව්, මම හරිම ආසයි ලස්සනට පිළිවෙලට අඳින්න….. මම මගේ හිසකේ වල සිටම කකුලේ නියපොතු දක්වාම පිළිවෙල ගැන හිතනවා…. අපි කරන විලාසිතාව ලස්සනට පේන්න නම් අපේ පිළිවෙල තියෙන්න ඕන….”

ෂෙරිල් අපි නිතරම දකිනවා ඔයාගේ විලාසිතා හරිම අන්කොමන්… මොකද්ද මේ අන්කොමන් විලාසිතා වල රහස?

”මම ගොඩක්ම ආසයි ඉතාලි ජාතික කාන්තාවන් කරන විලාසිතා වලට…. ඒවා හරිම ලස්සනයි, ඒ වගේ නිතර නිතර දකින්න ලැබෙන්නෙත් නෑ නේ, ඉතින් ඒ විලාසිතා වලට ආසා නිසා මම යන්න කැමතිම රටත් ඉතාලිය…. එහෙ ගියාම මම ගොඩක් ඇඳුම් ගේනවා… ඒ ඇඳුම් චාම්, සරලයි වගේම ඇඟටත් පහසුයි… ඒ වගේම ඒ ඇඳුම් නිසා වටිනා පෙනුමක් ලැබෙනවා. ඉතින් මේ හැමදෙයක්ම තියෙන නිසා මම ඉතාලි විලාසිතා වලට ගොඩක් ආසයි…”

ෂෙරිල් ඔබ හිතන විදියට ඔබ ඔබේ ජීවිතේ වැඩියෙන්ම ලස්සනට හිටපු දවස කවද්ද ?

”මෙහෙමයි! මම මොන ඇඳුම ඇන්දත් දකින දකින හැමෝම කියනවා මම ගොඩක් ලස්සනයි කියලා… සමහර අය අහනවා කොහෙන්ද ඇඳුම් ගන්නේ කියලා…. හැබැයි මට මතක ඇති කාලේ මම ලස්සනටම හිටපු දවස තමයි රුවන්ගෙයි මෙගෙයි වෙඩින් එක දවස. අම්මෝ එදා නම්, මම මටම වශීවුනා, එච්චරට ලස්සනයි මම…”

ෂෙරිල්ට අඳින්න අමාරුම ඇඳුම මොකද්ද ?

”මට පොඩ්ඩක් අමාරුම ඇඳුම තමයි සාරිය…. මම සාරි ඇන්දම කකුල් පටලවිලා වැටෙනවා, ළඟදී සාරියක් අන්දලා වැටුණාම රුවන් හොඳටම බය වුනා, මට නම් ඒකට හිනාවෙලා බඩත් රිදුනා… සාරියක් ඇන්දොත් අනිවාර්යෙන් වැටෙනවම තමයි, එහෙම නැත්තන් සපත්තු වල අඩිය ගැලවෙනවා… ඒ දේ නම් නිතරම වෙනවා…. දැන් ඒක පුරුදු වෙලා, ගානක් නෑ…”




Leave a Reply

Your email address will not be published.