උණුසුම් පුවත්
Search
anura

”සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපි සම්බන්ධ වෙන්නේ නෑ” – අනුර කුමාර දිසානායක

33

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ නොවන බව ජාතික ජන බලවේගය අවධාරණය කරනවා.

ඒ ජනාධිපතිවරයා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවේ කාල රාමුව හෝ වගකීම් පිළිබද නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති බව නිසාවෙන් බවයි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

දේශපාලන අර්බුදයට කෙටිකාලීන විසදුමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කරන ලෙස විවිධ සමාජ කණ්ඩායම්, පූජ්‍ය පක්ෂය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළා.

ජනාධිපති වික්‍රමසිංහ මහතා තම ධුර කාලය අවසන් වන තෙක් ඉදිරි වසර 03 සඳහා වත්මන් රජය පවත්වාගෙන යාමට උත්සාහ කරන බවයි දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සර්ව පාක්ෂික ආණ්ඩුවක කොටසක් වීමට තමන් ප්‍රමුඛ පක්ෂය සූදානම් නොමැති බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළා.




Leave a Reply

Your email address will not be published.