උණුසුම් පුවත්
Search
ali sabry

”අපි නම් ආයේ එන්නේ නෑ මේ පැත්ත පළාතේ” – මුළු රටම එපා වුණ අලි සබ්‍රිට පාර්ලිමේන්තුව එපාම වෙයි

190

තමන් නැවතත් පාර්ලිමේන්තුව පැත්ත පළාතේ නොබලන බවත් රට මෙම තත්ත්වයට වැටීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් රටේ සියලුම දෙනා වගකිව යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි.

“මේක බුදුහාමුදුරුවෝ පය තිබ්බ රට. සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියපු රට. අනිත් මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියන කොට උඩ පනින්න පුළුවන් රටක්ද මේක? මිනිස්සුන්ට තරහා ගිහිල්ලා ඉන්න එක, ඔවුන්ට කේන්ති ගිහිල්ලා ඉන්න එක, ඉවසීම නැති එක අපිට පිළිගන්න පුළුවන්…..

මගේ ඩ්‍රැයිවර්ස්ලා ඊයේ උදේ හයට ගිහින් රෑ හත වෙද්දිත් පෙට්‍රල් ගහ ගන්න බැරිව ආවා. හැමෝටම මේක එච්චරයි….. අපි ජීවිතයටත් කොහෙන්වත් අඩුවට පෙට්‍රල් ගැහුවේ නෑ…. මේ අවුරුදු 2ට මම දවස් 10ක් විතර මේ කැන්ටින් එකෙන් කෑම කාලා ඇති….

සිහින මාලිගා වල ඉදලා, පාරවල් වල උද්ඝෝෂණ කළා කියලා විතරක් මේ ප්‍රශ්න වලට උත්තර එන්නේ නෑ. මම නම් මේ පාර්ලිමේන්තුව පැත්ත පළාත බලන්නේ නෑ… මට මේක ඕනත් නෑ…

මේ රට ගැන හිතලා, තමන්ගේ ටැක්ස් ගෙවපු අය මේකට එන්න ඉන්නව නම් ඒකට පාර හදන්න… අපි නම් ආයේ එන්නේ නෑ මේ පැත්ත පළාතේ…. මිට පස්සේ.

මේක දේශපාලඥයෝ පමණක් නෙමෙයි හැමෝම වග කියන්න ඕන. තමන්ගේ රස්සාව කරනවද? ගන්න පඩියට වැඩ ටික කරනවද? තමන්ගේ යුතුකම් කරනවද? බොරුව කරලා ලකුණු දාගෙන එකිනෙකාට ඇගිල්ල දිගු කරලා කොහොද අපි මේ යන්නේ….

තමන් තමන්ගේ යුතුකම් ඉටුකරනවද? තමන්ගේ රස්සාව හරියට කරනවද? තමන්ගේ ටැක්ස් ටික හරියට ගෙවනවද? හැමෝම එහෙම හිතපු දවසට පුළුවන් වෙයි මේ රට ගොඩදාන්න” යනුවෙන් ඔහු කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *