කාලයෙන් කාලයට පුවත් මවන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගනිමින් තමන්ගෙම කියලා ස්ථාවරත්වයක් හදාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගේ පියා වන දිනේෂ් ප්‍රියසාද් චිත්‍රපට ක්ෂේත්රයෙ නිරත ප්‍රකට පුද්ගලයෙක් වීම නිසා මේ පවුලේ ආදරණීය දියණියන් තුන්දෙනාටම කලා ලෝකයට එන්න දොරගුළු විවර වුණා.
මේ පවුලේ වැඩිමහල්ම කෙනා තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. දිනක්ෂි විවාහ වෙලා ඉන්නේ කොයි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමඟයි. මේ වන විට මේ ආදරණීය කැදැල්ලට පුංචි සිඟිති දියණියකුත් එකතු වෙලා. ඇය සාරන්‍යයා දිසාසේකරයි. ඉතින් මේ පුංචි පවුලට සමාජය ආශිර්වාද කරන අතර තවත් බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරන අවස්ථාත් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට පුළුවන්.

කෙසේ නමුත් ඒ සියලුම දේවල් කනට ගන්නෙ නැතුව හැම මොහොතකම සතුටින් ඉන්න තමයි දිනක්ෂිටයි සාරංගටයි අවශ්‍ය කියලා ඔවුන් මාධ්‍යයට ආවම කියනවා. ඒ වගේම තමයි ඇය මේ විදිහට ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තරුණ කාලයේ බොහෝ ඇප කැප වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා. කොයි තරම් පුවත් මැව්වත් දිනක්ෂිගේ අතීතය, ඇයගේ ජීවිතය පිළිබඳව කතා කරලා නැති තරම්.

ඉතින් මේ කියන්න යන්නේ දිනක්ෂි පොඩි කාලේ ජීවත් වෙච්ච විදිහ සහා ඒ ජීවිතයේදී ඇය මුහුණ දීපු ගැටලුකාරී තත්ත්වයන් ගැනයි. කවුරුත් හිතන්නේ නෑ දිනක්ෂි වගේ දුෂ්කර ජීවිතයක් ගත කරපු කෙනෙක් ද කියලා. ඇත්තටම බොහෝ දෙනෙක් ඇය මේ අදහස ප්‍රකාශ කරාට පස්සේ මේ කතාව ඇත්තද කියලත් අහළා තිබුනා. ඉතින් ඇය වැඩසටහනකදී අම්මා තාත්තා නංගිලත් එක්ක ගතකරපු ඒ දුෂ්කර කාලයේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

“අපි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීපු පවුලක්. වැඩියෙන්ම ආර්ථික ප්‍රශ්න. ඉතින් ඒ දේවල් එක්ක කවදාවත් තාත්තිට අම්මිටයි අපේ ගෙයක් කියලා ගෙයක් ගන්න හම්බුනේ නැහැ. අපි හැමදාම කුළියට හිටියේ…. අපි ගෙවල් 14ක ඉඳලා තියෙනවා රෙන්ට් එකට.
ඒ උනාට අම්මි තාත්ති දෙන්නම අපි හොඳ ස්කූල් වලට යැව්වා. ඉතින් ඒවට වියදම් කරලා ඉස්කෝලේ වෑන් වල යවලා ඒවට කිසිම අඩුපාඩුවක් අපි වෙනුවෙන් එයාලා කළේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගෙ රස්සාව ෆිල්ම් ඉන්ඩ්රස්ටි එක නිසා ඒක ස්ථාවර නැහැ. ඒවත් එක්ක තාත්තිගේ රස්සාවත් නිසා අපි සෑහෙන්න ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දුන්නා.
සමහර දවස් වලට කන්න බොන්නවත් නැති උනු දවස් තිබුණා අපිට. මම දැකලා තියෙනවා අම්මි අපි වෙනුවෙන් කොච්චර දුක් විඳලා තියෙනවද කියලා. ඉස්කූල් ෆීස් ගෙවන්න ඒවට අම්මි මාර මහන්සි වෙලා සල්ලි හොයපු කාලවල් තිබුණා. ඉතින් එයාට හොඳට ඇඳුම් මහන්න පුළුවන් ඒ ටැලන්ට් එකෙන් ඇඳුම් මහලා එයා සල්ලි අරගෙන ඒවා ඉතුරු කරලා තමයි අපි වෙනුවෙන් ගොඩක් දේවල් කලේ.
ඒ නිසා මට පොඩි කාලේ ඉඳං ඕනෙවුනා අපි හැමෝටම එකට ඉන්න ගෙයක් ගන්න ඕනි කියන එක. ඒක තමයි මගේ හීනේ උනේ. මම ඉගෙන ගන්න ටිකක් දක්ෂයි. මම university ගිහිල්ලා අවුරුදු තුනක් study කළා. එක තැනකදි මට අධ්‍යාපනය අතහැරුණා. මොකද මගේ පවුල ගොඩ ගන්න මට ඕනේ උනා. ඒ දේවල් එක්ක මම අධ්‍යාපනය පොඩ්ඩකට නවත්තලා full-time වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් එහෙම වැඩ කරලා ඒ හම්බවෙච්ච සල්ලි වලින් තමයි 2017 එතකොට මට අවුරුදු 27යි, මම ඉස්සෙල්ලම ගෙයක් ගත්තා. ඒක තමයි මගේ ජීවිතේ ලොකුම achivement එක. “

සමාජ මාධ්‍ය ඔස්සේ කොයිතරම් චෝදනා ලැබුවත් ඇයට දොස් කියන බොහෝ දෙනෙක් දිනක්ෂිගෙ ජීවිතය පිටිපස්සේ තියෙන මේ දුෂ්කර කාලය ගැන දන්නෙ නැහැ. කෙසේ නමුත් මේ වන විට ඇය ස්ථාවර සුවපහසු ජීවිතයක් ගත කරන්නේ හරිම සතුටින්.