අභාවප්‍රාප්ත සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සංගීතඥයාගේ දේහයට ගෞරව දක්වන්නට ඊයේ (29) ඔහුගේ නිවසට පැමිණි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද පැමිණ එතුමන්ට ගෞරව දැක්වීය. අනතුරුව පවුලේ අය සමග කථාබහක ද නිරතවූ අතර පැමිණ සිටි මාධ්‍ය කැමරා කණ්ඩායම් යොමු කළ ප්‍රශ්න කිරීමේදී රාජපක්ෂ මහතා කියා සිටියේ මෙවැන්නකි,
“ඔහු ගැන හුඟාක් කල් ඉඳන් මට මතකයේ තියෙනවා….. අපි විද්‍යාලයට යන කාලේ ඔහුත් එක්ක පන්ති වලට ගියා.එකට පන්ති ගිය කට්ටිය අපි. එදා ඉඳලම අපි අතරෙ කිට්ටු සම්බන්ධයක් තිබුණා. ඔහු නැතිවීම විශාල පාඩුවක් ලෝකෙටම පාඩුවක්…. රටටත් පාඩුවක්.. ඒ වගේ මනුස්සයෙක් නැති වෙච්ච එකත් සියලු දෙනාටම පාඩුවක්.“
Gossip Lanka News